Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත් වු

බුදු සරණ කථික තරගයෙන්....

ලංකාවේ සීමාසහිත එක්සත්් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී වාර්ෂිකව පවත්වන මිහින්තලා ආලෝක පූජාව 48 වන වරටත් මිහින්තලා පුද බිමේ දී මෙවරද පැවැත්වේ.

එම ආලෝක පූජා මහෝත්සවයට සමගාමීව දීපව්‍යාප්ත හා රචනා සහ කථික තරගයක් මෙවරද පැවැත්විණි.

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් දීපව්‍යාප්ත රචනා තරගය පැවැත්විණි. ඊට අමතරව උතුරු මැද පළාතේ දිනපතා පාසල් හා දහම් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ දී කථික තරගය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දෙඅංශයෙන් පැවැත්විණි.

ප්‍රදේශයේ දහම් පාසල් සිසුවියන් 500 දෙනෙකු වෙත සිල් රෙදි ප්‍රදානය කිරීමද ඉකුත් දා මිහින්තලා රාජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. එය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ මහාභාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සිදු කැරුණු අතර එම අවස්ථාවට බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 


විනිශ්චය මණ්ඩලය


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.