Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අෂ්ට ඵලරුහ බෝධි

අනුරාධපුර උඩමළුවේ රෝපණය කළ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගෙන් මහා ශාඛා පහක් හටගත්තේය. එයින් බීජ පහක් පහළවිය. මෙයින් නැගෙනහිර දිසාවේ පලදැරූ බීජය මිහිඳු මහ රහතන් වහන්සේ අතට පත් වී එය රෝපණය කිරීමට දෙවන පෑතිස් රජු අතට දුන්හ. රජු එය රන් බඳුනක රෝපණය කළේය. එයින් බෝ පැළ අටක් පහළ විය. ඒ බෝ පැළ අට “අෂ්ටඵලරුහ බෝධි” නම් විය. මේ බෝ පැළ අට ලංකාවේ ස්ථාන අටක රෝපණය කරනු ලැබීය. ඒ මෙසේය.

1. අඹකොළ පටුන (යාපනය)
2. තිවන්ක බමුණුගම (තන්තිරිමලේ අසල පිහිටා ඇත)
3. ථූපාරාමය
4. ඉසුරුමුණිය
5. පඨමක චේතිය (අනුරාධපුරය)
6. මිහින්තලය
7. සඳුන්ගම
8. කතරගම (දේවාලය අසල ඇති බෝධිය) දෙතිස් ඵලරුහ බෝධි

ඉතිරි ශාඛා හතරක් ද බීජ හතරක් ඇතිවිය. රෝපණය කළ ඒ එක් බීජයකින් ද පැල අටක් ඇතිවිය. මේ පැල 32 දෙතිස් ඵලරුහ බෝධි නමින් හඳුන්වයි. මේවා ද දිවයිනේ තිස් දෙපොළක රෝපණය කරන ලදී.

එම ස්ථාන මෙසේය :

1. මල්වැස්සා වෙහෙර
2. තන්ත්‍රිමාල වෙහෙර
3. මහා ජල්ලික ගම
4. කොට්ඨියාරම
5. පොළොන්නරුව
6. මාතලේ - රුසිගම
7. රුහුණේ මාගම
8. විල්වල
9. මහියංගණය
10. විල්ගම් වෙහෙර
11. මුතියංගණය
12. බුත්තල
13. හත්පෝරු වෙහෙර
14. සිතුල්පව් වෙහෙර
15. වනවාස වෙහෙර
16. වැලිගම් වෙහෙර
17. පරගොඩ
18. මැද්දේගම
19. ගණේගම
20. පුසුල් පිටිය
21. මායාරට වතුර
22. බෙලිගල
23. බෙල්ලන්විල
24. වඳුරව
25. වට්ටාරාම රජමහ වෙහෙර
26. සුළුගල්ල
27. රැස් වෙහෙර (මිකලෑව)
28. කටියාව
29. ගිරිබා වෙහෙර
30. යාපහුව සුන්දර ගිරි විහාරය
31. කසාගල වෙහෙර
32. ඇබලව රහත්ගල් වෙහෙර

(පොත පත ඇසුරෙනි.)

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.