Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් අවශ්‍යයි. පරිත්‍යාග කිරීමට කැමැති ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි පින්වතකු වේ නම් 0112644359, 0772399017 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


මාලදිවයිනෙන් වෛද්‍යාධාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තාවකාලිකව බම්බලපිටිය, ඩෙක්රෙස්ටර් පෙදෙසෙහි, බ්ලොක් 6/6 හි පදිංචි වී සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් ඩිඩි මහතාට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් අවශ්‍ය වී ඇතැයි කියති.


“ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් අවශ්‍ය බැවින් පරිත්‍යාග කිරීමට කැමැති ස්වාමීන්වහන්සේ නමක් හෝ ගිහි පින්වතකු වේ නම් දුරකථන අංක 0773558480,0773354047 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


තලවතුගොඩ අනගාරික ධර්මපාල මාවතේ 506/ බී දිස්නා සාගරිකා මහත්මියගේ අවුරුදු 4 ක් වයසැති උදිත නිර්මල් පුතු වයස අවුරුදු දෙකේදී මොලයට විෂබීජයක් ඇතුළුවීමේ හේතුවෙන් රෝගාතුර වී ඇති බවත් එදා සිට මේ වන තෙක් ශ්‍රවණාබාධිත තත්ත්වයකට පත්ව ඇති හෙයින් කථා කිරීමටද නොහැකි බවත් කියයි. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට සැත්කමක් කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍ය නිර්දේශය වී ඇතැයිද කියයි.


එම ශල්‍ය කර්මය කර ගැනීමට විශාල මුදලක් වැය වන බැවින් එම මුදල සපයා ගැනීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවද කියයි. එබැවින් බත්තරමුල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 208 - 2 -001 - 3- 0008605 වෙත පරිත්‍යාගශීලින්ගේ ආධාරය අපේක්‍ෂා කරන බවද කියයි.


අරලගන්විල ඩී 18 මහවැලි නිවාස පිඹුරත්තෑව පොළොන්නරුවේ පදිංචි ටී.එම්. චන්ද්‍රානි යමුනා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.ටී. ඩී.ජේ.අබේසේකර මහතා විසින් නිර්දේශ කර ඇත. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකු වෙතොත් 071 - 8038809 දරන දුරකථන අංකයට දන්වන මෙන් ඉල්ලීමක් කරයි.


කුඩාරත්වත්ත මාවත අංක 381 සී මහනුවර ලිපිනයේ පදිංචි කුඩා දියණියන් දෙදෙනෙකු සිටින ජී.පී. ගීතා මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.ජේ.අබේසේකර මහතා විසින් නිර්දේශ කොට ඇත. ගීතා මහත්මියගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 081 -2215086 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස දෙමාපියෝ දන්වා සිටිති.


දෙදරු පියකු වන 53 හැවිරිදි ලලිත් ගුණසේකර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි රාජගිරිය වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.අංක 311/3 තලපත්පිටිය පාර මාදිවෙල කෝට්ටේ ලිපිනයේ පදිංචි ගුණසේකර මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු සිටිත් නම් දුරකථන අංක 011 2779179 න් විමසන ලෙස ඉල්ලීමක් කැරේ.


අම්බලන්ගොඩ රන්දොඹේ “අනුර” නිවසේ පදිංචි ලක්‍ෂ්මන් රණසිංහ ද සොයිසා (48) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ මහතාට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතාමත් ඉක්මනින් බද්ධ කළයුතු යැයි ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇත. එබැවින් ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කැමති පින්වතෙකු හෝ හිමිනමක් ඉදිරිපත්වන්නේ නම් පහත දුරකථන අංකවලට අමතන මෙන් ඥාතීහු ඉල්ලීමක් කරති. 091- 2259827, 0779838200


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.