Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායයේ වාර්ෂික උපසම්පදා විනය කර්ම මහා පුණ්‍යමහෝත්සවය 2010 ජූනි 19 වන සෙනසුරාදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ උපෝසථාගාරයේ දී පැවැත්වෙන බව රාජකීය පණ්ඩිත, විනය විශාරද, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම සිරි ඤාණරතනාභිධාන මහා නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ සභාවේ නියමය පරිදි ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා නිවේදනය කරති. උපසම්පදාපේක්‍ෂක සාමණේරයාණන් වහන්සේලාගේ පුහුණුව ජූනි මස 15 – 16 – 17 යන තෙදින පැවැත්වේ.

එයට සහභාගී වීම අනිවාර්ය බව ද නිවේදනයේ දැක්වේ. නිසි වයස් සම්පූර්ණ කරන ලද උපසම්පදාපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා තම ආචාර්ය ස්වාමීන් වහන්සේලා මඟින් අදාළ උපසම්පදා අපේක්‍ෂක ඉල්ලුම්පත් පහත සඳහන් ලිපිනයෙන් ලබාගෙන ඒවා නිවැරදිව සම්පූර්ණකර ජූනි මස 05 වැනි දිනට පෙර ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාට ලැබීමට කටයුතු කළ යුතු බවද එහි සඳහන් ය.

ඉල්ලුම්පත් ලබාගතයුතු හා යැවියයුතු ලිපිනය සමලේඛකාධිකාරී දෙණිපිටියේ සෝමරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී විජයාරාමය, ෆෙඩ්‍රිකා පාර, කොළඹ 06 වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.