Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර සිරිසුමන (දඩළු පාර්ශ්වය) මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරිසුමන (දඩළු පාර්ශ්වය) මහා නිකායේ 2010 වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි මස 10 – 11 දිනයන්හී පැවැත්වෙන බව මහෝපාධ්‍යය ශාස්ත්‍රවිශාරද පණ්ඩිත මාතර විමලරතන මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රජිගම තිලකසිරි නාහිමියෝ නිවේදනය කරති.

නිසිවයස් සම්පූර්ණ කරන ලද උපසම්පදා අපේක්‍ෂක ඉල්ලුම්පත් නිකායේ මහාලේඛකාධිකාරී නා හිමිගෙන් ලබාගෙන ඒවා නිවැරැදිව සම්පූර්ණ කොට ජූනි මස 10 දින පෙර මහාලේඛකාධිකාරී නා හිමියන් වෙත ලැබීමට සැලැස්විය යුතු බැව් ද නිවේදනය කෙරේ.

අදාළ අයදුම්පත් – මහාලේඛකාධිකාරී නා හිමි, ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, ශ්‍රී ධම්මරක්‍ඛිත මහා නා හිමි මාවත, බූස්ස. ලිපිනයට යැවිය යුතුවේ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.