Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ උපසම්පදා විනය කර්මය කුරුණෑගල මාවතගම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී 2010 ජුනිමස 19 සෙනසුරාදා සිදු කිරීමට කාරක සංඝ සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහානායක මහාකම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය ඉඟුරුවත්තේ පියනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් සහ කම්මට්ඨානාචාර්ය, පනාවල ධම්මින්ද නාහිමියන්ගේත් දායක සභාවේත් ශාසනික අනුග්‍රහයෙන් එය සිදුවන අතර නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියෝ අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරති.

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, හෝමාගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති, රත්මලානේ සුජාත නාහිමි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.