Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 18 වන කොටස

72) යාවදෙව අනත්ථාය ඤත්තං බාලස්ස ජායතී
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයං

අසත්පුරුෂයකු ළඟ - තිබෙන යම් දැනුමකින් - ඔහුටවත් ලොවටවත්, යහපතක් සිදු නොවේ. අන්තිමට හේ තෙමේ , විපතකට යොමු වෙලා - තමා වනසාගෙන ම - ලොව ද වසන්නේ ය.

හිතවතුනි, තුන්දොරින් - සුසංවර තැනැත්තේ -

තමා රැක ගන්නේ ය. ලොව ද සුරකින්නේ ය.

73) අසතං භාවන මිච්ඡෙය්‍ය පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච

මෝඩයෝ හැමවිට ම - පතන්නේ තමාට ම -

මුල් පුටුව මුල් තැන ම- නොවැරැඳි ලබන්නයි.

හිතවතුනි, අනුන් වෙත - ඔබ කුළුණු කරයි නම්, සමාජය ඔබට

මුල් - තැන පිරිනමන්නේ ය.

74) මමෙව කතමඤ්ඤන්තු ගිහී පබ්බජිතා උභො
මමෙ’ව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝ ච වඩ්ඩති

නුවණ අඩු නැත්තෝ - උඩඟු සිත් ඇත්තේ ය.

නොදන්නා දේ ගැන ද, දත් සේ සිතන්නෝ ය. කිසි ලෙසින් අනුන්ගෙන් උපදෙස් නොගන්නෝ ය. හැමෝටම උපදේශ දෙන්නට සිතන්නෝ ය.

හිතවතුනි, හැකිතරම් , නිහතමානි වන්න. ලෝකයෙන් ඉගෙනගෙන, මහනැණවතකු වන්න.

75) අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණගාමිනී
එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නා භිනන්දෙය්‍ය විවේකමනු බ්‍රෑහයෙ ති

ලාභ, යස, කිතු, යසස් - කිසිවකින් නොකැළඹෙන - තුන් දොරින් සුසංවර - සුසිල්වත් බුදුපුත්හු/ ලොව අනස බව හැඳින කෙලෙස් බැමි ලිහිල් කොට - අරි අටැඟි අනුව - මග ඵල ම පතා යති....

හිතවතුනි - නැණැත්තෝ - අරමුණෙහි එල්බ ගෙන - නිසැකව ම ජය කණුව වෙත ළගා වන්නෝ ය.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.