Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජුනි 26 වනදා

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ උපසම්පදා විනයකර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ පොසොන් මස අවපෑලවිය නම් තිථිය ලත් ශනි දින හෙවත් රාජ්‍ය වර්ෂ 2010 ජුනි 26 වෙනි සෙනසුරාදා පස්වරු 2.00 ට අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක සිරිසුගත ශාසනවංශපාල ගණාචරිය අරියවංශතිලක ශ්‍රී මේධාවි ශාස්ත්‍රපති වස්කඩුවේ රතනසිරි මහනාහිමියන්ගේ නියමය පරිදි වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථ ශුවිශුද්ධ බද්ධසීමා මාලකයේදී සිදුකිරීමට නියමිත බැවින් උපසම්පදාපේක්‍ෂයන් වහන්සේලා තම ආචාර්යයන් වහන්සේලා මගින් මහාලේඛකාධිකාරි ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ අනුනාහිමිපාණන් වහන්සේ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරය වස්කඩුව යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගෙන 2010.06.10 දිනට පෙර දන්වා එවන ලෙස ශාස්ත්‍රපති වස්කඩුවේ රතනසිරි මහ නාහිමියෝ නිවේදනය කරති.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.