Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරළුගොඩ ඉන්දරතන නා හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය 5 වන දා

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සංඝනායක සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාම සම්මුතිය සහිත සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය, මාකුඹුර පුරාණ විහාරාධිපති බොරළුගොඩ ඉන්දරතන නාහිමියන් වෙත පිරිනමා ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මෙම 05 දා පස්වරු 03.00 ට කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී සිදු කැරේ. එම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ජල සම්පාදන හා ජලාප්‍රවාහන ඇමැති ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.