Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන ඤාණවිමල මහ නා හිමියෝ අග්ග මහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක රාජකීය පණ්ඩිත සාහිත්‍යශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මාහිමිපාණන් වහන්සේට මියම්මාර් රජය මගින් “අග්ගමහා පණ්ඩිත” ගෞරව උපාධිය පිරිනැමීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ජුනි මස 15 වන දින පස්වරු 3.00 ට කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේත් ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන ඇමතිතුමන්ලා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේත් සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බව ආචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.