UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පේ‍්‍රත ලෝකය පිළිබඳ නූතන සොයා ගැනීම්

අපාය ස්ථාන ගත වී ඇත්තේ කොතනදැයි යන්න බොහෝ විවාදාපන්න නමුත්, එය අතිමහත් උණුසුම් ගිනිදැල් දැවටෙන ලෝදිය පැසෙන තැනක ඇතැයි යනු සාධාරණ උපකල්පනයකි. තාපන නිරය එබන්දකි. යුරෝපයේ පර්යේෂණ කණ්ඩායමක් භූ ගර්භයේ උෂ්ණත්වය මැනීම සඳහා සැතපුම් පහක පමණ සිදුරක් හෑරූහ. කැණීම් යන්ත්‍රයේ තුඩ එක් වරටම හිස් අවකාශයකට ඇතුළු විය. පර්යේෂකයෝ, ඒ සිදුර තුළට  මයික්‍රෆෝනයක් ඇතුළු කළහ. ඉන් ඇසුණූ ශබ්දය වුයේ දරුණු වේදනාවෙන් විලාප නගන ශබ්දයකි. එංගලන්තයේත් යුරෝපයේත් ඇතැම් හුදෙකලා ස්ථාන වල පොළෝ කුහරයෙන් මෙවන් විලාප දෙන ශබ්ද ඇසෙන බව ප්‍රකට ය.

මරණින් මතු ආත්මය සම්බන්ධයෙන් සිදුවන සංක්‍රාන්තිය අරබයා පෙර’පර දෙදිග වෙනසක් නැතිව විශාල ගවේෂණ දැන් දැන් සිදුවෙමින් පවතී.පෙර දිග අපට, බෞද්ධ සන්දර්භය තුළ මේ විෂය ඉතා හුරු පුරුදු එකකි. මහායාන සම්ප්‍රදායේ තිබ්බත ග්‍රන්ථ කිහිපයක්ම මේ පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කරයි.  “ තිබ්බත මළ පොත “ නමින් සිංහලෙන් හැඳින්වෙන්නේ එයයි. මේ ග්‍රන්ථ වල දැක්වෙනවාටත් වඩා විචිත්‍ර හා හද කම්පාවන තොරතුරු නවීන සොයාගැනීම් වලදී අනාවරණය වෙයි. පැරණි සිංහල අටුවා ආශ්‍රයෙන් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් සංගෘහිත “ ඉතා පැරණි බණ කතා “ නම් ග්‍රන්ථ පෙළෙහිද, ප්‍රේතයන් පිළිබඳ පැරණි තොරතුරු වාර්තා වේ.

එවන් තොරතුරු මුලින්ම සඳහන් වන්නට ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සමයෙහි රචනා වුණු “පේ‍්‍රතවස්තු “ ප්‍රකරණය මත පදනම් වෙමින් විය යුතුය. ධම්මපදට්ඨ කථාව හා එහි අනුවාදය වූ සද්ධර්මරත්නාවලියේද නොයෙක් ආකාර හා නොයෙක් ජන්ම ලද පේ‍්‍රතයන් ගැන සඳහන් වේ. මෙකී පැරණි විස්තර අසන්නෙකුගේ සිතට, සසරෙහි පියකරුභාවය හා පව්නොකරන්නට තරයේ අදිටන් කර ගැනීමේ සිතුවිලි ඇතිවේ. මගේ අරමුණ වන්නේ එකී පැරණි පේ‍්‍රත හෝ භූතලෝකය පිළිබඳ යළිත් අවධාරණය කිරිම නොව, නූතන යුගයේ අනාවරණය වු භූත හා පේ‍්‍රත ලෝක පිළිබඳ යම්කිසි අනාවරණයක් කිරීමය. මැරි.ටී බ්‍රවුන් (Mary T. Browne ) නම් කාන්තාව කුඩා කාලයේදී තම දෑස ඉදිරියේ දිග හැරෙන දර්ශන පංතියක් දුටුවාය. ඒ දර්ශන ඔස්සේ මිය ගිය අය ගත කරන ජිවිත ගැන තතු දැන ගත හැකි විණි. මේ ඇසුරින් ලියැවුණ ලෝක ප්‍රකට ග්‍රන්ථයක් වූයේ “ The life after Death “ යන්නය. භූතාත්ම, මනෝකායෙන් මිනිසුන් කළ සංචාර හා පේ‍්‍රතාත්ම පිළිබඳ ලෝකයේ වඩා විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු වී ඇත. තව දුරටත් සිදු වෙමින්ද පවතී. ලෝකයේ අන් රටවල 1960 දශකයේ හා ඒ ආසන්න කාලයේ මෙවන් පර්යේෂණ සිදුවිණි. 1963 දී ඇමෙරිකාවේ පළ වූ The Pseudo Death of Private Ritchie “ නම් ග්‍රන්ථයේ මිය ගොස්, යළිත් එම සිරුරට ඇතුළු වී , තමා මියගොස් සිටි කෙටි කාලය තුළ ලැබූ අත්දැකීම් විස්තර කළ අයගේ විවිධ තොරතුරු දැක්වේ. ආතර් සී. ක්ලාර්ක් ලියූ “World of Strange Powers  “ ග්‍රන්ථයේ බඩු මුට්ටු කුඩුකර දමන හා විදුලි පහන් පවා පුපුරවා දමන දරුණූ ගති ඇති පෝල්ට ගීස්ට් (Poltergeist) නම් භූතයන් ගැන දැක්වේ. බෞද්ධ සාහිත්‍යයේ මිනී කන යක්‍ෂයන්, යක්‍ෂණීන් පිළිබඳ නොයෙක් තතු සඳහන් වේ. ආලවක, කාලියක්ඛිණිය, නිදසුන්ය. එසේම අර්හත් තත්ත්ව ලාභියකුට විනා අන් කෙනෙකුට නොපෙනෙන, දරුණු දුක් ගැහැට විඳින පේ‍්‍රතයන් ගැන තතු සද්ධර්මරත්නාවලිය වැනි ග්‍රන්ථවල දැක්වේ. සට්ඨිකූට පේ‍්‍රතයා එවැන්නෙකි. ඒ පේ‍්‍රතයා අවකාශයේ පාවෙමින් සිටියි. ශරීරය වසා මහා ගිනිජාලාවක් නැගෙයි. යම පල්ලන් විසින් යකඩ මිටි හැට දහසකින් උගේ හිසට දරුණු පහර එල්ල කෙරෙයි. මේ සාහිත්‍යාගත විස්තර හුදු ප්‍රලාප යැයි යමෙකුට සිතී යා හැකිය.


ඩිජිටල් කැමරාවකට හසු වූ අත්භූත රුවක්

වර්තමානයේ සොයා ගෙන ඇති මේ සම්බන්ධ තොරතුරු කිහිපයක් කිවමනා වෙයි. අපාය ස්ථාන ගත වී ඇත්තේ කොතනදැයි යන්න බොහෝ විවාදාපන්න නමුත්, එය අතිමහත් උණුසුම් ගිනිදැල් දැවටෙන ලෝදිය පැසෙන තැනක ඇතැයි යනු සාධාරණ උපකල්පනයකි. තාපන නිරය එබන්දකි. යුරෝපයේ එකී පර්යේෂණ කණ්ඩායමක් භූ ගර්භයේ උෂ්ණත්වය මැනීම සඳහා සැතපුම් පහක පමණ සිදුරක් හෑරූහ. කැණීම් යන්ත්‍රයේ තුඩ එක් වරටම හිස් අවකාශයකට ඇතුළු විය. පර්යේෂකයෝ, ඒ සිදුර තුළට මයික්‍රෆෝනයක් ඇතුල් කළහ. ඉන් ඇසුණූ ශබ්දය වුයේ බලවත් දරුණු වේදනාවෙන් විලාප නගන ශබ්දයකි. එංගලන්තයේත් යුරෝපයේත් ඇතැම් හුදෙකලා ස්ථාන වල පොළෝ කුහරයෙන් මෙවන් විලාප දෙන ශබ්ද ඇසෙන බව ප්‍රකටය. (නිලන්ත හෙට්ටිගේ , 2008 ) පදුම නම් අපායක් ගැනද බෞද්ධ ග්‍රන්ථ වල දැක්වේ. එය අධි ශීත අපායකි. කර්ම බලයෙන් එහි උපදින සත්වයෝ, අධික ශීතල නිසා නෙළුම් මලක (පද්මයක)මල් පෙති විහිදි යන්නාක් මෙන් කැබලි වලට පැලී යති. නූතන විද්‍යා පර්යේෂණ අනුව, විශ්වයේ මහා දැවැන්ත කළු කුහර නම් වර්ගයක් සොයාගෙන ඇත. ඒවා “ Black hole” නම් වේ. එවැනි කුහරයක, අධිකතර ශීතලක් ඇත. මේ පදුම නම් අපාය කළු කහර තුළ පිහිටා තිබෙන්නට පිළිවන් බව අනුමාන කෙරේ. ඇතැම් අසුර යක්ෂ ගණයේ සත්වයන් විටෙක මිනිස් ඇසටද පෙනේ. නිලන්ත හෙට්ටිගේ සඳහන් කරන අන්දමට ලතින් ඇමරිකානු රටවල රාත්‍රියේ සැරි සරමින් කුකුළන් එළුවන් ආදී සතුන්ගේ රුධිරය උරාබොන, බිහිසුණු උරඟයෙකුට සමාන ඩුපකබ්රා නම් අද්භූත සත්වයාට ක්‍ෂණයකින් අතුරුදන් ස;ම් හැකියාවද ඇත.

මතුගම මහින්ද විජේතිලක හා කඹුරාවල සිරි රේවත හිමි ලියූ ග්‍රන්ථයක ජයවර්ධන නමැති මහතෙකු මුහුණ දුන් අපුරු අත්දැකීමක් විස්තර වේ. ජයවර්ධන මහතා දරුණු අනතුරකට ලක්ව 1996 ජනවාරි 11 වනදා ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. ඔහුට ශල්‍යකර්මයක් කරද්දි ජයවර්ධන මහතාට තමා, රෝහලට උඩින් කැලය දෙසට පාවි යනු දැනිණි. කැලයේ අඩි 8 ක් පමණ දිගැති කපුටෙක් හා බළල් මුහුණක් ඇති කාන්තාවක්ද වූහ.

ඒ අය මානසිකව කළ කතාබහ අනුව කපුටා වනාහි නිතර නිතර විදුලි කම්බි වල වැදී මැරී වැටෙන කපුටකුගේ ආත්මයකි. කාන්තාව, ඊට කලකට පෙර දරු ප්‍රසූතියකදී මිය ගොස් පසුව බැළලියක ලෙස උපත ලද අයෙකි. ඒ බැළලියද පැටවුන් ලැබීමට සිටියදී වාහනයකට හසුව මිය ගොස් තිබේ. මේ ශ්‍රී ලාංකේය නිදර්ශන වලට අමතරව ලොව පුරා මියගිය මිනිසුන්, පේ‍්‍රතයන් භෝ භූතයන් ලෙස පෙනී සිටීම පිළිබඳ පුවත් තිබේ. ඇමරිකාවේ ෆැන්හැම් ලී මෝලේ භූතයා 1929 දී අනාවරණය විය.

එංගලන්තයේ සෙෆ්ටන් දේවස්ථානයේ සිටින භූතයකු පිළිබඳ 1999 දී ලබාගත් ඡායාරූපයක් සාක්ෂි දරයි. 2004 දී අනාවරණය වූ ඕක්හිල් (ඇමෙරිකාව ) පෙදෙසේ භූතයා , 1980 ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ අනතුරකදි ළමයින් කිහිප දෙනෙක් මිය ගියහ. පසු දිනක ගත් ඡායාරූපයක ඒ ළමයින්ගේ භූතාත්ම දර්ශනය විය. නූතන භූතාත්ම පර්යේෂණ පිළිබඳව දක්වන විට මහාචාර්ය නන්දසේන රත්නපාල අමතක කළ නොහැකිය. එතුමාගේ ජීවිතයේ අවසන් කාලයේ මාහටද හඳුනාගන්නට ලැබිණ.

ඔහු ලියූ මේ ජීවිතයේදීම පල දෙන කර්මය නම් ග්‍රන්ථයේ ප්‍රාණ ඝාතාදී අකුසල කර්ම කළ වූවනට මේ ජීවිතයේදීම ඒවා විපාක දුන් අන්දම කියැවේ. “ මනුෂ්‍ය පේ‍්‍රතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් “ නම් ග්‍රන්ථයේ මිනිසුන් ලෙස උපත ලබා , කුණු කාණූ පල්ලේ සහ දුගඳ හමන අගු පිල්වල වැටී, ඉඳුල්කමින් ජීවත්වන පේ‍්‍රතයන් හා සමාන මිනිසුන් ගැන දැක්වේ. එමතුදූ නොව එතුමා, භූත ප්‍රවාහිකාවකගේ (අරත මැදි කැඳවන්නියක) මාර්ගයෙන් අප රටේ පෙර ප්‍රබල ජීවිත ගත කළ ඇතැමුන් පේ‍්‍රතාත්ම වල ඉපිද සිටින ආකාරය ගැන පර්යේෂණ කරමින් සිය අවසන් කාලය ගෙවීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය දයා අමරසේකරද, මහාචාර්ය රත්නපාලයන්ගේ මඟ ගනිමින් මෙවන්, අධි භෞතික පර්යේෂණයන්හි නිරතව සිටියි. අපට පෙනෙන ලොවට වඩා නොපෙනෙන ලොවක, අතිශය පුදුම සහගතවූත් ඇතැම්විට මනස් කාන්ත වූ සහ තවත් විටක භයංකාර වූත්, ව්‍යුහයකින් සමන්විත බව ඒ පිළිබඳව වාර්තාගත නවීන තතු කියා පායි.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]