UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හිමි ගුණ පිණි වැද සුපිපෙන බැති මල් (වෙසක් පෝදා පින්කම්)

යාපනයේ වෙසක් ආසිරි

යාපා පටුනයි - දහම් අමාවයි තේමාව පදනම් කර ගනිමින් යාපනයේ වෙසක් අසිරිය 27 වනදා සිට 29 වනදා දක්වා යාපනය අර්ධද්වීපය තුළ අති උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු යොදා ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත ආරක්ෂක හමුදාවන් විසින් මෙම වෙසක් උත්සවය සංවිධානය කර ඇත.

යාපනය අර්ධද්වීපය පුරා පැවැත්වෙන වෙසක් උත්සව සීල සමාදාන ධර්ම දේශනා, බෝධි පූජා , පහන් පූජා, භක්ති ගීත සංදර්ශන, සහ වෙසක් කූඩු තරගද ඇතුලත් වේ.

තෙදිනක් පුරා යාපනයේ පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව පහන්කූඩු තරගයක් 27 සිට 29 වෙනි දින දක්වා යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක් පෝදා පැවැත්වෙන තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07. සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 08.00 – 09.00 භාවනා වැලිමඩ පසන්නමානස හිමි, 09.00 –10.00 වෙසෙසි දෙසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ජයන්ත ජයසිරි මහතා, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දෙහිවල අරියධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මහරගම ධම්මසිරි නාහිමි ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කම්මථිඨානාචාර්ය මාන්කඩවල සුදස්සන නාහිමි, 04.15 – 05.00 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන මාහිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කතරගම

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මගින් වෙසක් පෝදා වාර්ෂිකව පවත්වනු ලබන ඔසුපැන් දන්සල කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසු දරුවන් හා ගුරු මණ්ඩලය විසින් කිරිවෙහෙර වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම ඔසුපැන් දන්සැල පැවැත්වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වෙසක් දන්සැල

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික මහා බත් දන්සැල මෙවරද මෙම 27 වන දා දවස පුරා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

එදින වෙසක් පුර පොහොයදා පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවනට හීල්දානය හා දවල් දානය පිරිනැමීමෙන් පසු වන්දනා මාන සඳහා යන එන සැදැහැවතුනට ආහාර වේලක් සැපයීමට බෞද්ධ මණ්ඩලය සූදානම්ව සිටී. මීට සමගාමීව, බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුල, නියමිත බණ භාවනා හා ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන්ද සිදු කෙරේ


වැවුරුකන්නල

දික්වැල්ල වැවුරු කන්නල බුදුරජ මහ වෙහෙර සියක් රියන් උස බුද්ධප්‍රතිමාවහන්සේගේ රන්වන් පැහැ මොසයිඩ් ආලේප කිරීමට පියවර ගෙන තිබේ. 1966 වර්ෂයේ අග්නිදිග ආසියාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ ලෙස ඇරඹූ සියක් රියන් බුද්ධ ප්‍රතිමාවහන්සේගේ වර්ණාලේපය සඳහා යොදා ගනු ලැබූ මොසයිඩ් බෝල්වී ගැලවී දුර්වර්ණවෙමින් පවතින හෙයින් රන්වන් පැහැති ආනයනික මොසයිඩ් ආලේප කොට දර්ශනීයත්වයට පත් කිරීමට ක්‍රියාකරගෙන යන බව වැවුරු කන්නල බුදුරජ මහ වෙහෙර අධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමියෝ පවසති.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවීමෙන් වෙසක් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 08.15 භාවනා වැඩසටහන හප්පිටියේ පාලිත හිමි, 09.15 ධර්ම දේශනය වැලමිටියාවේ සීලරතන හිමි, 10.30 බුද්ධ පූජාව, 01.00 ධර්ම දේශනය බලබැද්දේ ඉන්ද්‍රසිරි හිමි, 02.00 ධර්ම දේශනය හුණුපලගම බුද්ධරක්ඛිත හිමි, 04.00 ධර්ම දේශනය හුණුපලගම බුද්ධරක්ඛිත හිමි, 05.00 බෝධි පූජාව රත්මල්වැටියේ සමිතහිමි, 07.00 ධර්ම දේශනය මාකොළ පඤ්ඤාජෝති හිමි මෙතැන් සිට පසුදා පහන්වනතුරු ශීල සමාදානය පැවැත්වේ.


අනුරාධපුරය

අනුරාධපුර - සංඝමිත්තා මාවත ගොඩගේවත්ත නන්දනාරාමයේදී නුවරඑළියේ සුභාෂනි මෙහෙණින් වහන්සේ මෙහෙයවන වෙසක් පුන් පොහෝ දින සීල සමාදාන පින්කම 27 දා පැවැත්වේ.

හිටපු උතුරු මැද පලාත් ආණ්ඩුකාර හා වත්මන් කම්කරු සබඳතා පලදායිතා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහ දකුණු පළාතේ ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය විසින් එවකට ආරම්භ කරන ලද පුන් පොහෝ දින ධර්මානුශාසනා පින්කම් මාලාවේ 67 වන ධර්මානුශාසනාව වෙසක් පුර පසළොස්වක් පොහෝ දින පස්වරු 4.00 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වේ. සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත එම ධර්මානුශාසනා පින්කම පැවැත්වේ. මෙදින බෝ මළුවේ ශීල සමාදානයේ යෙදී සිටින උවසු - උවැසියන් ප්‍රධාන බැතිමතුන්ට පස්වරු ගිලන්පස සැපයීමද සිදුවේ.


මන්නාරම හන්දිය

අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීම සහ තුන්යම් රාත්‍රී මහා පිරිත් දේශනා පින්කම මහවිලච්චිය මන්නාරම් හන්දිය සාලියවනාරාම රජමහ විහාරස්ථානයේදී මැයි 27 සිට 29 දක්වා තෙදිනක් මුළුල්ලේ පැවැත්වේ. 27 වෙනිදින පස්වරු 4.30 මෙම අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ බෝධීන් වහන්සේලා පේමඩුව නගරයේ සිට විහාරස්ථානයට වැඩමේ කරවීම පෙරහර පැවැත්වේ.

එදින රාත්‍රී 7.30 කවි දම් දෙසුමක් ද 28 වැනිදින ජනාධිපතිතුමන්ට රණවිරුවන්ට රටට හා ජනතාවට සෙත්පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින (29) අලුයම කිරි ආහාර පූජාවකින් හා එදින දවල් මහා සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට මීවල ආනන්ද හිමියන් කටයුතු යොදා ඇත.


ගල්කිස්ස බෞද්ධායතනය

ගල්කිස්ස වටරප්පල පාරේ පිහිටි බෞද්ධායතනයේ දී විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාග යසස්සි නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙවර වෙසක් පුණ්‍යොත්සවය උසස් ලෙස සිදු කිරීමට දායකසභාව කටයුතු යොදා ඇත. ඒ අනුව මේ මස 27 වෙසක් පෝදා පෙරවරු 6.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන් ‘සීල සමාදානය මෙහෙයවීමෙන් අනතුරුව පවත්වන අනුශාසනයකි. උදෑසන 8.30 ට කර්මස්ථානාචාර්ය ශාස්ත්‍රපති මාරඹ චන්දවිමල හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනකි. උදේ 9.45 ට දඹදිව සැවැත්නුවර සිට දිවියාගහ යසස්සි නාහිමිපාණන් පවත්වනු ලබන ධර්ම දේශනාව යි. දවල් 1.00 ට සෙත් පිරිත් සහිත දිවා වන්දනාවෙන් අනතුරුව පස්වරු 1.30 වැලිවිටියේ මේධානන්ද හිමියන් සහ විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති ඒ. රණවීරආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙහි විශ්‍රාමික ධර්මාචාර්ය ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමියන් විසින් සවස 3.00 ට පවත්වන ධර්ම දේශනාවෙන් පසුව බෞද්ධායතනවාසි බිංකම පඤ්ඤාලෝක හිමියන් පවත්වනු ලබන අනුශාසනයයි. මෙදින පස්වරු 4.45 ට ගල්කිස්ස නාලන්දා පිරිවෙන්පති ශාස්ත්‍රපති දොඩන්දුවේ සිරිකර හිමියන්ගේ ධර්ම දේශනාව සිදු කිරීමට නියමිතය.

රාත්‍රී 6.00 ට පුණ්‍යකාමි විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති ප්‍රවීණාචාර්ය වලස්මුල්ලේ සුමන හිමියන් විසින් පවත්වන ගිලන්පස බුද්ධ පූජාව සහිත අනුශාසනාවකි. රාත්‍රී 7.00 ට බෞද්ධායතන ධර්ම විද්‍යාලයෙහි සිසුන් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත වැඩසටහනයි. රාත්‍රී 7.30 සිට සීල සංවිධානය විසින් පවත්වන පටිඨාන දේශනයකි. අනතුරුව රාත්‍රී කාලයේ භාවනාවෙන් යුක්තව කල් ගෙවා එදින අලුයම 5.30 ට සිදු කෙරෙන කිරි ආහාර පූජාවෙන් පසු වැඩසටහන නිමාවට පත්වේ. මේ වැඩ සටහනට සමාගාමීව සිසු දරුවන් සඳහා වැලිපිටියේ සමිත, බඩල්කුඹුරේ ධම්මවිහාරි, නේපාලයේ සෝමානන්ද වෑකදවල සුගතවංස යන හිමිවරුන් විසින් පවත්වන ධර්ම දේශනා සහිත විශේෂ ආගමික වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.


වල්පිට

වල්පිට ගම් උදා නිවාස ක්‍රමයේ බෞද්ධ සංගමයේ පූජා පින්කම මෙම මස 27 වන දින මුළු දවස පුරා පැවැත්වේ.


පානදුර

පානදුර බොදු පුබුදු තරුණ සමාජයේ දස අවුරුදු සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන “අපේ බත් දන්සැල” වෙසක් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 11.00 සිට පානදුර උයන්කැලේ හරස් පාරේ දී පැවැත්වේ.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ වෙසක් පින්කම මැයි 25 , 26, 27 යන දිනයන්හි පොත්ගුල් විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති මධ්‍යම උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක යටිනුවර, සුමන නාහිමියන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්වේ.


මහනුවර

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සංකල්පයක් අනුව මහනුවර අන්තර් විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘විකසිත කුසුම් 2010’ මැයින් වෙසක් වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

බෞද්ධ ශාසනික ඉතිහාසය හා බෞද්ධ සංකල්පයන් මත නිර්මාණය විය යුතු පද්‍ය ගායනා, පද්‍ය රචනා, ගද්‍ය රචනා, කථික තරග භක්ති ගීත (කණ්ඩායම්) අංශ ඉදිරිපත් කළයුතු බව අන්තර් පාඨශාලයීය බෞද්ධ ශිෂ්‍ය සමිතියේ අනුශාසක දොරගමුවේ සද්ධාතිස්ස හිමි, පාසල් වෙත නිකුත් කර ඇති දැන්වීමකින් ප්‍රකාශ කර ඇත. තරග සඳහා සියලු විස්තර මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ආගමික වැඩසටහන් අංශයෙන් ලබාගත හැකිය.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ සිරි වජිරාරාමයේ වෙසක් පුන් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා 06.00 – 06.45 සිල් සමාදන් කරවීම හා අනුශාසනය, වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නාහිමි, 06.45 – 07.00 කිරි පිඬු බුද්ධ පූජාව නේපාලයේ ආලෝක හිමි, 08.00 – 09.00 භාවනා අනුශාසනා වේරදූවේ මහින්ද හිමි, අනුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි, 10.00 – 11.00 ධර්මදේශනය, හබරකඩ ඉන්දරතන නාහිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 – 01.15 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.45 ධර්ම සාකච්ඡාව වැලිගෙපොල සීලවංශ, ඇරැව්වල, සුධම්ම හිමිවරු, 03.00 – 04.00 ධර්මානුශාසනය දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 04.00 – 05.00 ගිහි දේශනය, මහාචාර්ය අසංග තිලකරත්න මහතා, 05.00 – 06.00 ධර්මදේශනය, දියතලාවේ පියදස්සි හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමාවාසී ස්වාමීන් වහන්සේ, 06.30 – 07.30 ධර්මදේශනය, වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි.


ඉල්ලදොර කිරිපිඬු පූජාවක්

සුජාතා සිටුදේවිය විසින් සිදු කරන ලද කිරිපිඬු පූජාව සිහිගන්වමින් වෙසක් පෝදින උදේ 6.30ට කඩුගන්නාව කදන්ගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරයේදී කිරිපිඬු හතළිස් නවයකින් (49) යුත් කිරිපිඬු ආහාර පූජාවක් සිදුකෙරේ. විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝනායක කනගලධම්මරක්ඛිත නාහිමිගේ ප්‍රධානත්වයෙන් දවස තිස්සේ පැවැත්වෙන වෙසක් වැඩසටහන විහාරස්ථදායිකා වෛද්‍යාචාරිනි, කුමුදු අබේකෝන් මහත්මිය විසින් සිදුකරන කිරිපිඬු පූජාවෙන් අනතුරුව අටවිසි බුද්ධ පූජාව සහ උදේ 8.30 ට නානුමුර මංගල්‍ය සමග බෝධින් වහන්සේට සළුපැළ දීමද සිදුකෙරේ. උදේ 6.30 ට පිරිස සිල් සමාදන් කරවීම, ශාස්ත්‍රවේදී පුවක්පිටියේ ආනන්ද හිමියන් විසින් සිදු කෙරෙන අතර දවස පුරා සිදු කෙරෙන වෙසක් වැඩසටහන ශාස්ත්‍රපති ඕමල සෝරත හිමියන් මෙහෙයවනු ඇත.


පොතුපිටිය

පොතුපිටිය ශ්‍රී වාළුකාරාමයේ දී පුරා සතියක් තුළ පැවැත්වෙන පින්කම් මාලාවක් මැයි මස 24 වන දින සිට 30 වන දින දක්වා සිදු කැරේ. විහාරාධිපති කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි මොල්ලිගොඩ සුගතනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සෑම දිනකම පින්කම් පැවැත්වේ. උදෑසන කිරිපිඩු පූජාව සහ පෙරහර ද දවල් බුද්ධ පූජාව සහ පෙරහරද, සවස 4 ට විශේෂ හා කාලීන ධර්ම දේශනා පැවැත්වීම රාත්‍රී 06.30 විදුලි ආලෝක පූජා ද රාත්‍රී 07.00 බෝධි පූජා පින්කම් ද වේ. 27 වන දා බුද්ධ පූජා පෙරහරද රාත්‍රී නෙළුම් මල් පූජාවද සිදු කැරේ.

27 වන දා පෙරවරු 08.30 දහම් දෙසුම් ශාස්ත්‍රපති මොරකැටියේ ධම්මික හිමි, සවස 4 දහම් දෙසුම නෙළුවේ සුමනවංශ නාහිමි 28 වන දා සවස 04.30 දහම් දෙසුම මාරපන විජිත නාහිමි 29 වන දා සවස 04.30 දහම් දෙසුම දොඩම්ගොඩ අස්සජි නාහිමි 30 වන දා දහම් දෙසුම බ්‍රාහ්මණ වත්තේ සීවලී අනු නා හිමි 28, 29 බැති ගී ගායනා ද පැවැත් වේ.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී වෙසක් පුර පසළොස්වක පොහොදා සීල භාවනා ධර්මදේශනා පින්කම් මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

උදෑසන 5.00 කිරිපිඬු සම්බුද්ධ පූජා පෙරහැරද පෙරවරු 9 සිට පස්වරු 2.00 දක්වා ලේ දන්දීමේ මහා පින්කම මෙවරත් 31 වෙනි වතාවට පැවැත්වේ. තෝරා ගත් පිරිසකට සිල් රෙදි පිරිනැමීමද සිදු කෙරේ.

එදින 6.00 -6.30 සිල් සමාදන් වීම හා කෙටි අනුශාසනාව ජයශේඛරාරාමාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8.00 - 9.00 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන , 9.15 - 10.15 ධර්ම දේශනාව රජවත්තේ වප්ප හිමි , 10.15 - 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 - 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ් ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3.00 භාවනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 - 4.15 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පිටිගල විජිත හිමි, 4.30 - 5.30 දහම් දෙසුම කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 - 7.30 සම්බුද්ධ ගිලන්පස මල් පහන් පූජාව ගැට්ටුවානේ සුමේධ හිමි, රාත්‍රි ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාමඬලේ විමල හිමි.


 

කතරගම

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් පෙරහර රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි වෙසක් පෝදා කතරගම පූජා නගරයේ ශ්‍රී අභිනවාරාමයෙන් ඇරඹේ. වෙසක් පෙරහැර කිරිවෙහෙර වීදියේ ගමන්කර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට ගොස් ආගමික කටයුතු පැවැත්වේ.

අනතුරුව එම වීදිය ඔස්සේම ගමන්කර ශ්‍රී අභිනවාරාමයට පැමිණීමෙන් පෙරහැර කටයුතු අවසන් වෙයි.


පේරාදෙණිය

වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය මගින් මහා සතිපිරිත් දේශනාවක් සති ධර්මදේශනාවක් සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක වත්තේගම, ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. වෙසක් සති පින්කම මැයි 22 සිට මැයි 29 දක්වා පැවැත්වේ.


අනුරාධපුර මහා විහාරය

මහා විහාර සංඝ සභාවේ සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී 27 දින පැවැත්වෙන මහා විහාර පොහොය වැඩ සටහන මෙසේය

පුන් පෝදින පෙරවරු 6.00 - 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය , 6.30 - 7.00 බුද්ධ පූජාව , 8.00 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය - තලාවේ ඥානරතන ස්වාමින් වහන්සේ 8.30 -10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා 10.30 - 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දි බුද්ධ පුජාව

ප.ව. 12.30 - 1.00 මහවිහාර සන්නිපාත ශාලාවේ දී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි , 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව , 2.00 -2.30 ශීල ආවර්ජනය , 2.30 -3.30 භාවනා 4.00-5.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය 5.15 - 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා 6.30 -7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දි බෝධි පුජාව , 7.30 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය 8.30 - 9.30 භාවනා , 9.30 - 10.00 පිරිත් සජ්ඣායනය, 10.00 පුණ්‍යානුමෝදනාව -ඕපාත ධම්මසාර හිමි

පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 - 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා , ,5.30 - 6.00 හීල් දානය සඳහා විවේකය , 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයෙහි වෙසක්පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය.

පෙරවරු 05.45 – 06.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 06.30 – 07.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 08.30 – 09.30 ජාතක කතා විමර්ශනය මාඑළියේ සුදස්සි හිමි, 09.45 – 10.45 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නාහිමි, 11.00 – 11.30 දවල් ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි, පස්වරු 01.00 – 02.00 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 02.00 – 03.00 විශේෂ භාවනා වැඩසටහන සිරිසේන ලියනාරච්චි මහතා, 03.15 – 04.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 04.30 – 05.30 විශේෂ ධර්ම දේශනාව ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමි, සවස 06.30 – 07.30 බුද්ධ ප්‍රතිමා ප්‍රතිෂ්ඨාපනය සහ විශේෂ ආශිර්වාද පූජාව ඇත්කඳුරේ සුමනසාර මාහිමි.


මාතර තරුණ බෞද්ධ සමිතියේ 550 වන පුන් පෝ දින පින්කම

පෙ.ව. 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 08.00 බුදු ගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, ප.ව. 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 01.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 03.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා, 4.00 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, ප.ව. 05.00 සිල් පවාරණය, ශාස්ත්‍රවේදී කැලණියේ අජිත හිමි.


උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, 07.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 08.00 ගුවන්විදුලි ධර්ම දේශනාව 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 04.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, 06.00 සිල් පවාරණය, 07.00 අටවිසි බුද්ධ පූජාව.


සිරිමංගල පිරිවෙන් විහාරය

පෙ.ව. 06.00 ට සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ 06.30 ට බුද්ධ පූජා වන්දනාව හොරපාවිට ධම්මිස්සර හිමි, 08.30 ට භාවනා වැඩසටහන බලංගොඩ සාන්තසිරි හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව පස්වරු 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි 06.00 සිල් පවාරණය, 06.30 ට අටවිසි බුද්ධ වන්දනාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක්පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසිරි නා හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව, මකුලේමඬ සිරිනන්ද හිමි, බියගම කමලධම්ම හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ කඹුරුගමුවේ සුමේධ හිමිපාණෝ, ගඟේයායේ විජිතවංස හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 බොරැල්ලේ අතුල දස්සන විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමි, 03.00 – 04.00 විශේෂ අනුශාසනාව, අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඥාණරතන මහා නාහිමි, 04.15 – 05.00 ධම්මපදය - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම,


කඩවත පහන් කූඩු තරගය

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ් උපදෙස් මත ලසන්ත අලගියවන්න පදනමේ මූලිකත්වයෙන් වෙසක් පහන් කූඩු තරගයක් කඩවත නගර සංවර්ධන භූමියේදී මෙම මස 27,28,29 හා හා 30 දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහර ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන මෙම වෙසක් පහන් කූ®ඩු තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් මිලියන 1.25 කට අධික වටිනාකම් ඇති තිළිණ සහ සහතික පත් පිරිනැමීමටද කටයුතු යොදා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව වෙසක් සතිය තුළ කඩවත මහර නව නගර සංවර්ධන භූ®මියේදී භක්ති ගීත සංදර්ශන, වෙසක් තොරණ සහ දන්සැල්ද පැවැත්වෙන බව සභාපතිවරයා කීය.


වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් කිරිබත්ගොඩ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන වෙසක් පූජෝත්සවයට සමගාමීව, වෙසක් පහන් කූඩු තරගාවලියක් පැවැත්වීමට කැලණිය ප්‍රාදේශීය සභාව සහ කිරිබත්ගොඩ සුහද එක්සත් වෙළෙඳ සංගමය කටයුතු යොදා ඇත.

මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හතරවන වරටත් පැවැත්වෙන මෙම වෙසක් පහන් කූඩු තරගාවලියට ඉදිරිපත් කැරෙන වෙසක් කූඩු පහන් කූඩු කිරිබත්ගොඩ නගරයේදී මෙම 27 වනදා සිට 31 වනදා දක්වා ප්‍රදර්ශනය කැරේ.

කැලණිය රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ උපදේශකත්වය මත මෙය පැවැත්වේ.


කල්දෙමුල්ලේ බත් දන්සැල

මොරටුව -කල්දෙමුල්ලේ තරුණ කැල හා සමාජ සේවා ළමා උපකාර පදනම එක්ව සංවිධානය කරන (4 වැනි වරට) මොරටුව කල්දෙමුල්ලේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය ඉදිරිපිටදී මැයි මස 27 යන දෙදින තුල බත් දන්සලක් පැවැත්වේ. පසු දින එනම් 29 වැනිදා සවස 6 - 7 දක්වා සුමදුර ධර්ම දේශනාවක් පැවැත්වේ.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 07.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පනන්වෙල රාහුල හිමි, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලහගම ඤාණරතන නාහිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 01.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන්වහන්සේලා 02.00 ධර්ම සාකච්ඡාව, 03.30 ධර්ම දේශනාව තෙලිජ්ජවිල සුසමාහිත හිමි, 05.00 ධර්ම දේශනාව රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත හිමි.

මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 581 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා ප.ව. 03.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


ශාන්ති පදනමේ පිච්ච මල් පූජාව

ශාන්ති පදනම මගින් වාර්ෂිකව අනුරාධපුරයේ පවත්වනු ලබන ජාතික පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරත් ජූලි 10 වන සෙනසුරාදා සන්ධ්‍යා භාගයේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්මැලි මහා සෑය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙවර පෙරහරට හේවිසිකරුවන් 100 දෙනෙකු සම්බන්ධ කිරීමට ශාන්ති පදනම් පිච්ච මල් පුජා කමිටුව අපේක්ෂා කරයි. එබැවින් හේවිසිකරුවන්ගේ බර පැනට දායක වීමට කැමති පින්වතුන් ශාන්ති පදනමින් විමසන ලෙස (දුරඇමතුම 011 2699561) කරුණාවෙන් ඉල්ලා සිටියි.


පූජාපිටිය

පූජාපිටිය උඩුමුදුන ශ්‍රී පූර්වාරාමයේ ශ්‍රී රතනසාර දහම් පාසල මගින් ශිෂ්‍යයින්ගේ ධර්ම කුසලතා වර්ධනය කරන අරමුණ ඇතිව වෙසක් කූඩු සැරැසිලි තරගයක් විහාරස්ථානයේදී වෙසක් පෝය දින දෙකේදී පුජාපිටිය තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන බව මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නාහිමි සඳහන් කරයි. පූජාපිටිය වල්පොලපිටිය රජ මහා විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසල මෙහෙයවන වෙසක් කූඩු සැරැසිලි වැඩසටහනක් වෙසක් පෝය දින ඉදිරිපත් කෙරේ.


ආරච්චිකට්ටුව

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගන්වැව, ආරච්චිකට්ටුව සහ බත්තුළුඔය සමෘද්ධි බැංකු සංගම් මගින් කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමය, නල්ලදරන්කට්ටුව ශ්‍රී රත්නගිරි විහාරස්ථානය සහ විජය කටුපොත විජය ශ්‍රී වර්ධනාරාමය යන විහාරස්ථානවල 2010. 05. 27 වෙනි සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙත ධර්මදානය ලෙස බුදුසරණ පුවත්පත් දහසක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් එච්.එස්.එස්.ලුසේනා මහතාගේ මග පෙන්වීම මත ආරච්චිකට්ටුව මූලස්ථාන සමෘද්ධි කලමනාකරු ඒ.එච්.උපුල් සිල්වා මහතා කටයුතු යොදා ඇත.


හොරණ “අරුණගම “ වෙසක් කලාපයක්

වෙසක් උත්සවය නිමිත්තෙන් අරුණගම ශ්‍රී සම්බෝධි විහාරස්ථ ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සමිතිය විසින් වගවත්ත හංදියේ සිට අරුණගම ක්‍රීඩාපිටිය දක්වා වු කිලෝමීටර් 3 ක ප්‍රදේශය, වෙසක් සතිය පුරාම වෙසක් සැරසිලි වලින් සමන්විත අලංකාර වෙසක් කලාපයක් බවට පත්කරීමට තීරණය කොට ඇත.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වෙසක් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණුු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම. මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මාධ්‍යයේ ෂඩ්වර්ණ බෞද්ධ කොඩි 300 ක් කිරිවෙහෙර චෛත්‍යය වටා පැළදවීමේ කප්රුක් පුජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. මහාඝෝෂපුර මල් පෙරහැර කිරිවෙහෙර වහන්සේ වෙතට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ.

උදේ ධර්ම දේශනාව ගොඩගම සිරි සුබානු දස්සි හිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට උපාසක උපාසිකාවන්ගේ සාදු නාදයෙන් අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීම සිදුකිරීමෙන් අනතුරුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


පුලතිසි පුරවර වෙසක් කලාපය

පොළොන්නරුව ජයන්තිපුර මංසන්ධියේ සිට තඹල වැව ශ්‍රී ජිනේද්‍රාරාම විහාරස්ථානය දක්වා පුලතිසි පුරවර වෙසක් කලාපය මෙම 27, 28, 29 යන දිනවලදී පැවැත්වේ. 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දැයේ දරුවන්ගේ කුසලතා වර්ධනයත් ඔවුන් තුළ උසස් ආකල්ප සංවර්ධනයත් ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධයත් ඇති කිරීම එහි අරමුණ වේ.

වෙසක් කූඩු තරගය සඳහා පාසල්, දහම් පාසල්, ආයතන, පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ. මේ සඳහා වටිනා මුදල් ත්‍යාග මෙන්ම සහතික ඉදිරිපත් වන තරගකරුවන් සැමටම හිමිවේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනය තඹල වැව ජලාශය මධ්‍යයේ දී පැවැත් වේ. වෙනත් සැරසිලි ජයන්තිපුර මංසන්ධියේ බොහෝ වෙසක් සැරසිලි අදාළ වෙළෙඳ ප්‍රජාව විසින් සිදු කරනු ඇත. තඹල වැව ශ්‍රී ජිනේද්‍රාරාමය දක්වා මාර්ගය දෙපස පහන් වැට, පන්දම් ආලෝකයෙන් ඒකාලෝක වනු ඇත. සම්පූර්ණ මාර්ගය බෞද්ධ කොඩි වලින් සැරසිලි සිදුකරනු ඇත. මෙහිදී අදාළ ප්‍රදේශවාසී ජනතාව, දහම් පාසල්, පාසල් හා වෙනත් ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් වනු ඇත. නෙළුම් මල් 100 ක් පහන් කොට ජලයේ මුදා හැරීම සිදුවනු ඇත. විවිධ සමාගම්, ආයතන මඟින් සංවිධානය කරන දන්සැල් කීපයක් මඟ දෙපස සංවිධානය වනු ඇත. භක්ති ගීත - තඹල වැව ශ්‍රී ජිනේද්‍රාරාමය සහ ජයන්තිපුර හන්දිය කේන්ද්‍රකොට ස්ථාන දෙකක භක්ති ගීත වැඩසටහන් පැවැත්වීමට අදහස් කෙරේ. තඹල වැව ශ්‍රී ජිනේද්‍රාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට දින තුන පුරාම ශීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් ක්‍රියාත්මක වේ.

අදාළ වෙසක් කලාපය තුළ පාසලකට, දහම් පාසලකට, ආයතනයකට, පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මැදිහත් වී ස්වාධීන වෙසක් සැරසිලි කිරීමේ අයිතිය ද තිබේ. මෙහිදී අදාළ ස්ථානය සංවිධායකයින් ලවා වෙන්කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමියෝ පවසති.


යටලමත්ත

ගාල්ල යටලමත්ත ශ්‍රී සුමංගලාරාමයේ දී මත්තක නන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සුජාතා කුලඟන සමිතියේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සතිය නිමිත්තෙන් 20 වන දින සිට 28 ට දක්වා ධර්ම දේශනා, බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වේ.


ලුනාව බෝධිරාජාරාමය

මොරටුව, ලුනාව උයන ශ්‍රී බෝධිරාජාරාමයේ දී වෙසක් පුර පසළොස්වක් පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

එදින වැඩ සටහන පෙරවරු 06.00 නවවන පටුමඟ පියසීලි පීරිස් මහත්මියගේ නිවසේ සිට කිරිපිඬු බුද්ධ පූජා පෙරහර පිටත් වීම ද, 06.30 සීල සමාදානය තෙරුවන් වන්දනා සහ අනුශාසනාව කළුබෝවිටියන ගුණානන්ද හිමි, 08.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පලපොත සුමනනන්ද හිමි, 09.30 භාවනාව, රාවතාවත්ත සම්බුද්ධ විහාරාධිපති කතළුවේ රතනසීහ නාහිමි, 10.30 විශේෂ ගිහි දේශනය, ප්‍රවීණ ඉතිහාස දේශක කමල් සී මග්ගොනගේ මහතා, පස්වරු, 01.00 ට විශේෂ කාව්‍යමය ධර්ම සංවාදය, ප්‍රවීණ කිවිඳිය කල්‍යාණි හේරත් මැණිකේ සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශාධිපති කමල් වලේබොඩ මහතා, 02.00 බුදු දහම හා නිරෝගීකම විශේෂ දේශනය, විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ මහතා, 03.00 ධර්ම දේශනය ලේල්වල තපස්සී හිමි, 04.00 ධර්ම දේශනය ගෝනදෙණියේ සුවනරතන හිමි, 05.00 සිල් පවාරණය, 07.00 බෝධි පූජාව, විහාරස්ථ යශෝධරා කුළඟන සමිතියේ ප්‍රධානත්වයෙනි. 07.30 ධර්ම දේශනාව, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි.


ගෝනවල

ගෝනවල බතලහේන වත්ත සුහද සර්වෝදය ශ්‍රමදාන සමිතිය මඟින් ප්‍රදේශයේ අනිකුත් සමිති සංවිධාන සමඟ මෙම 27 සිට 29 දින දක්වා සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් වෙසක් කලාපයක් සූදානම් කර ඇත. එහිදී වෙසක් කූඩු තරග, භක්ති ගීත, තොරණ, දන්සැල් ආදිය පැවැත්වේ.


‘සංකල්ප ‘ විහාරය

පිලියන්දල මාකන්දන වැලිතොටුවවත්ත, ‘සංකල්ප ‘ විහාර ස්ථානයේදී වෙසක් පොහොය නිමිත්තෙන් මැයි මස 27 සිට ජුනි 2 දක්වා වෙසක් සතිය පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

වෙසක් පෝදින පෙරවරු 5 ට දිය නොමසූ කිරි ආහාර බුද්ධ පූජාව පෙරවරු 6 ට සිල් වැඩසටහන මෙදින පෙරවරු 11 ට බුද්ධ පූජාව මෙම සිල් වැඩසටහනට බෙල්ලන සුමංගල හිමි, දැල්තර ඤාණසිරි නාහිමි, පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි, කිංචිගුණේ චන්ද්‍රවිමල හිමි, බැදිරැක්කේ සුදිත හිමි , බිබිලේ සද්ධාරතන හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ඇතුළත්ය.

වෙසක් දින රාත්‍රී 7 ට අෂ්ඨපාන චතුමධුර ගිලන් පස පූජාව පැවැත්වේ. මෙම වෙසක් සතිය පුරා පෙරවරු 5 ට කිර ආහාර පූජාවන් රාත්‍රි 7 ට අෂ්ඨපාන චතුමධුර පූජාවන් පැවැත්වේ. ඒ සමඟම මහා බත් දන්සල මැයි 28,29,30 යන තෙදින පුරා ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.”කුණ්ඩලකේශි “ කථා වස්තුව ප්‍රදර්ශනය කෙරෙන දර්ශනීය වෙසක් තොරණ වෙසක් සතිය පුරා විහාරස්ථානය අසල ප්‍රදර්ශනය කෙරේ.

විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව සංකල්ප කුලඟන සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප යෞවන සමාජය මෙම පින්කම් සංවිධානය කරයි.


දෙහිවල ගල් විහාරය

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරයේ මෙවර වෙසක් පින්කම එම විහාරාධිපති අන්තර් ජාතික විහාර පදනමේ අධ්‍යක්‍ෂක ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝය දින දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. සීල සමාදාන භාවනා වැඩ සටහන් අටවිසි බුද්ධ පූජා බෝධි පූජා උපාසක දාන දන්සල් ප්‍රදීපාලෝක පූජා පහන්කූඩු තරග ආදි වැඩසටහන් රාශියක්ද පණ්ඩිත කැබිළිය පොළ ධම්මාලංකාර, මඩුගල්ලේ සද්ධානන්ද, කණුමුල්දෙණියේ ධම්මාලෝක, කණුමුල්දෙණියේ ධම්මවංස ලබුහේන්ගොඩ විනීත යන හිමිවරුන්ගේ විශේෂ ධර්ම දේශනා හා අනුරාධපුර ස්වර්ණමාලි සිල් මෑණියන්ගේ භාවනා පන්තියක්ද මෙදින වැඩසටහනට ඇතුළත්ය.


තලවතුගොඩ -සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී වෙසක් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පුජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 සිට 9 ධර්ම දේශනය මහරගම පදුම හිමි 9.15- 11 භාවනා වැඩසටහන මෙහෙයවීම වැල්ලම්පිටියේ විනයවංශ හිමි 11 දවල් බුද්ධ පූජාවද පස්වරු 12.30 -1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1 - 2 ධර්ම දේශනය රත්නපුරේ තිසරණී දසසිල් මාතාව විසින් 2 - 4 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 4 - 5 දහම් දෙසුම කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි . 5 - 5.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

28 වෙසක් පුන් පොහෝ දිනට පසුදින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.00 ධර්ම දේශනය කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හඟුරන්කෙත චන්ද්‍රරතන හිමි. 9.15 - 10.00 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 10 සිට 11 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි .11 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය .1 - කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනයද 2.15 - 3.15 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 3.15 සිට 4.30 කටුනායක පාරමී දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 4.30 - 5.00 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 විසිතුරු ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


සරණංකර විහාරය

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් කොළඹ 15, බ්ලූමැන්ඩල් විහාරයේ විහාරාධිපති, පෑලියගොඩ දුටුගැමුණු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති වත්තල සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි 27 - 28 දෙදින තුළ විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට විහාරස්ථ කාර්යය සාධක සමිතිය කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව වෙසක් පොහොය යෙදෙන 27 - 28 දිනවල අටවිසි ගිලන්පස බුද්ධ පූජා, ධර්ම දේශනා , වෙසක් පහන්කූඩු ප්‍රදර්ශනයක් සිදු කිරීමට නියමිතය. මෙයින් 28 දින රාත්‍රි 8.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ වැල්ලම්පිටිය පරම ධම්මෝදය විහාරාධිපති ශාස්ත්‍රපති විටියල කවිධජ හිමියන් විසිනි.


බෙලිගල

කෑගල්ල බෙලිගල රජ මහා විහාරස්ථානයට ගම් 07 කින් පැමිණෙන, වෙසක් පූජා මහා පෙරහර වෙසක් පුර පසළොස්වක පෝය දින රාත්‍රි වීදි සංචාරය කෙරේ. එදින උදෑසන මල් පෙරහරද පැවැත්වේ.


හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේදී මැයි 27 , 28 දෙදින තුළදී වෙසක් පින්කම් මාලාවක් පැවැත්වීමට සිංහගිරි විහාරාධිපති, බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් කමිටුව කටයුතු යොදා ඇත.මැයි 27 දා කිරි ආහාර පුජාවක් කාව්‍යමය ධර්භ දේශනාවක්ද වෙසක් පහන්කූඩු ප්‍රදර්ශනයක් හා අටවිසි පූජාවක් පැවැත්වේ.

මැයි 28 දා භක්ති ගී ප්‍රසංගයක්, බෝධි පූජාවක්, ධර්ම දේශනාවක් ඇතුළු පින්කම් මාලාවක්ද 28 දා වෙසක් පහන්කූඩු ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්‍රදානයක්ද සිදු කෙරේ.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී වෙසක් පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු, 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනා ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 07.00 – 08.00 ආහාර බුද්ධ පූජාව 08.00 – 09.00 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 09.00 – 10.00 ධර්මදේශනාව අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 10.00 – 11.00 ආරාධිත දේශනාව විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, 11.00 – 12.00 ආහාර බුද්ධ පූජාව, පස්වරු 01.00 – 02.30 භාවනාව මෙහෙයවීම ගාමිනී පි‍්‍රයන්ත මහතා, 03.00 – 04.00 ධම්මපද විවරණය, විශාරද දමයන්ති ජයසුරිය මහත්මිය, 04.00 – 05.00 ධර්ම දේශනාව කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 05.00 – 05.45 බුද්ධ පූජාව හා සිල් පවාරණය, ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


ශ්‍රී ජයවර්ධනපුර ධර්මාශ්‍රම විහාරය

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේ දී, දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන වෙසක් පුන් පොහෝ දින වැඩසටහන මෙසේ ය. උදේ 6 ට සීල සමාදානය, 8 ට කසුන් තිසර නාගොඩ විතාන මහතා මෙහෙයවන භාවනා වැඩසටහන, 9 ට රූපවාහිනී ධර්ම දේශනාවට සවන්දීම, 10 ට අම්බුළුගල සුමංගල හිමියන්ගේ ධර්මදේශනාව, දවල් 11.15 බුද්ධ පූජාව හා සවස 1 ට සමූහ පිරිත්දේශනාව සවස 2 ට ජඹුරේවෙල චන්දරතන හිමියන්ගේ ධර්ම දේශනාව 03.30 බද්දේගම ගුණාලංකාර හිමියන් වහන්සේගේ ධර්ම දේශනාව, 04.30 ශාන්ත ජොතිවංශ මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාව රාත්‍රී 7 ට ආලෝක පූජාව හා අටවිසි බුද්ධ පූජාව.


රත්මලානේ බෝධිරුක්ඛාරාමය

රත්මලාන බෝධිරුක්ඛාරාමයේ සිරි සුජාතා කුළඟන සමිතිය මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් 63 වන වරටත් පවත්වන කිරිපිඬු පූජා පෙරහර වෙසක් පෝදා පැවැත්වේ. පෝදා පෙරවරු 07.30 ට කේ.එම්. කල්දේරා මහතාගේ සුරතින් සධාතුක කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කර අනතුරුව කිරිපිඬු පාත්‍රය මාලනී කල්දේරා මහත්මිය විසින් තැන්පත් කැරේ. පෙරවරු 08 ට පෙරහර අරඹා දහවල් 11 ට බුද්ධ පූජාව පැවැත්වේ. දඹරැල්ලේ ධම්මසිරි හිමියන්ගේ දහම් දෙසුමක් පස්වරු 3 ට ද රාත්‍රී 7 ට ගිඩ්ඩව වජිරබුද්ධි හිමියන් විසින් ගිලන්පස පූජාව මෙහෙයවීමද රාත්‍රී 08 ට පුවක්පිටියේ පඤ්ඤාරතන හිමියන්ගේ දහම් දෙසුමක් ද පැවැත්වේ.


තල්පිටිය

වාද්දුව තල්පිටිය පුරාණ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථානයේ විහාරකාර්ය සාධක සමිතියේ ආරාධනයෙන් විහාරස්ථ හේමමාලා කුලඟන සමිතිය තරුණ බෞද්ධ සමිතිය, තරුණ අධ්‍යයන කවය, දහම් පාසල් සංවර්ධන සමිතිය, ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය, ධර්ම දේශනා සංසදය උදාර කුළපුත්‍ර පර්ෂදය ආදී විහාරස්ථ සමිති සමාගම්හි කාරක සභාවන් ඒකරාශි වී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එක් එක් සමිති ප්‍රමුඛ වී ආගමික, සංස්කෘතික වත්පිළිවෙත් විහාරාධිපති පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රසුමන නාහිමි, විහාරාධිකාරි ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන, රාජකීය පණ්ඩිත තල්පිටියේ ධම්මරතන යන ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි 2010 නවම් පුර පසළොස්වක පෝය දිනෙන් ආරම්භ වී 2011 වෙසක් පුර පසළොස්වක් පොහොය දක්වා කාලය පුරා පැවැත්වේ.


ශ්‍රී සිළුමිණි විහාරය

ශ්‍රී සිළුමිණ විහාරය - ශ්‍රී ජයවර්ධනපුර වෙසක් පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. 05.30 – 06.00 සිල් සමාදන් කරවීම හා කිරි ආහාර පූජාව අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමි, 06.00 – 07.00 අනුශාසනාව හා භාවනාව මහමෙවුනාවේ මංගල හිමි, 08.00 – 10.00 භාවනා වැඩසටහන කම්මට්ඨානාචාර්ය පාතේගම ඤාණතිල හිමි, 10.30 – 11.00 දහවල් බුද්ධ පූජාව වැලිමඩ ධම්මික හිමි, 12.30 – 01.00 සෙත් පිරිත් සජ්ඣායනය, 01.00 – 03.00 ධර්ම සාකච්ඡාව, 03.00 – 03.30 ගිලන්පස පිරිනැමීම, 03.30 – 05.00 සූත්‍ර දේශනය මහමෙවුනාවේ මංගල හිමි, 05.00 – 06.00 බෝධි පූජාව හාළිඇල අස්සජී හිමි.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]