Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

උස්වැට කෙයියාව, පුබුදුගම, අංක 72/එස්/17 දරන ස්ථානයේ පදිංචි තිස්පස් හැවිරිදි දෙදරු මවක වන වැලිවිට අංගොඩ ලියනගේ රත්නා ස්වර්ණමාලි මහත්මිය වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයට ඒ, ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය විශේෂඥවරු නිර්දේශ කොට ඇත. එම කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 0729320082 දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් වැය වන බැවින් ඒ සදහා පින් කැමැති ඔබ සැමගේ ආධාරය කඳාන මහජන බැංකුවේ අංක 175200180005086 ගිණුමට යොමු කරන මෙන් කාරුණිකව අපේක්ෂා කරයි.


 

නො.722/1, නල්ලූරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.ජී.අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 19 ) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර , ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති.

ඔහුට බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා කැමැත්ත දක්වන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක හෝ වෙනත් අයෙකු වෙතොත් ඉහත නම් සඳහන් ලිපිනයට හෝ අංක 0773834075 දරණ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


 

ගල්පිටමඩ කඩිගමුව කණිෂ්ඨ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මයුර රංගන දරුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කල යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඔහු දැනට පේරාදෙනිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කැරේ. තවද මෙම දරුවාගේ පියා මියගොස් ඇති අතර, මවද අසනීප තත්ත්වයේ පසු වන බවද කියයි. එබැවින් බෙහෙත් ලබා ගැනීමට හැකි පමණින් ගිණුම් අංක 1 -0035 - 03 - 2681 රුවන්වැල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමට පරිත්‍යාග ලෙසද ඉල්ලීමක් කැරේ.

දුරකතන අංක 071 -7207984 , 0770655039, අවශ්‍ය විස්තර ලබාගත හැකිය.


 

කඩුවෙල කොතලාවල 380 අනෝමා හේවගේ (අවු 53) ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩු බද්ධ කිරීමක් සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසා ඇත. ඒ සඳහා ‘බී.පොසිටිව් ‘ ලේ වර්ගයේ වකුගඩු පරිත්‍යාගශීලියෙකු අවශ්‍ය වේ. එම මහත්මියගේ ඖෂධ සඳහාද අධික මුදලක් වැය වන බැවින්, පරිත්‍යාගශීලින්ගේ මුදල් ආධාර පතා කොමර්ෂල් බැංකුවේ ගිණුමක්ද විවෘත කොට ඇත. බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් ලෝලිත ගරුසිංහ ආරච්චි

දු.ක. 0772 345 687 දන්වන ලෙසද කොමර්ෂල් බැංකුව බොරැල්ල ගිණුම් අංක 8420007653 වෙත පරිත්‍යාග කල හැකි බවද කියයි.


වල්පොල, බටුවත්ත,ලේක්සයිඩ් වත්තේ අංක 38/17 දරන නිවසේ පදිංචි ඒ ඒ සුනිල් ඩයස් අබේසිංහ යන අය දිගුකලක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහු කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද රසික ලැනරෝල් මහතාගෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවද කියයි. රෝගී තත්වය බරපතල වන හෙයින් වහාම ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරයාගේ නිර්දේශය වී ඇත.

කිසිදු ආදායම් මගක් නැති ඔහු වයස 51 ක් ඉක්ම වූවෙකි. පවුලේ තිදෙනෙකු යැපෙනුයේ සමෘද්ධි දීමනාවෙනි. එබැවින් වකුගඩුවක් ලබා ගැනීමටත් එය බද්ධ කර ගැනීමටත් අවශ්‍ය මුදල් සපයා ගැනීම පරිත්‍යාගශීලින්ගේ අපේක්ෂා කැරේ.

මහජන බැංකුව කඳාන ගිණුම් අංකය – 175200170001220 වේ

0724271376 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකිය.


වැල්ලවත්ත , පීටර්සන් ලේන් පදිංචි 64 වියැති, ටී.ජෙගදීස්වර්න් නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමනය වේ. මෙම රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වෙත්නම් 011-2915485 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


කඩුවෙල, පහල බෝමිරිය, 192/7 පදිංචි 40 වියැති එස්.කේ.රත්නසිරි නමැති අය දරුණු හෘද රෝගයකින් පෙළෙන බව කියයි. ඔහු සුවපත් කිරීමට සැත්කමක් කළ යුතු අතර ඊට විශාල මුදලක් වැයවන බවද කියයි. මෙම රෝගියා තිදරු පියකු වන අතර, ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවද කියයි. හදවත් සැත්කමට පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා කඩුවෙල මහජන බැංකු ශාඛාවේ 196 -2 -0018-0006314 දරණ ගිණුමක් ආරම්භ කර ඇතැයි ද පැවසේ. 077 -5934927 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකි බවද කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.