Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුර්ලභ බෞද්ධ පොත් ප්‍රදර්ශනයක් හා සල්පිලක්

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන බෞද්ධ පොත් ප්‍රදර්ශනයක් හා සල්පිලක් මැයි 30 වැනිදා දක්වා කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ. ලොව ඉදිවන විශාලතම බෞද්ධ ප්‍රකාශන හා තොරතුරු මධ්‍යස්ථානය ඉදිකර ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණින් එය පැවැත්වේ.

සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, දෙමළ භාෂාවන්ගෙන් ලියැවුණු බෞද්ධ පොත් පත් රාශියක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර මීට සමගාමීව ඉතා දුර්ලභ සෞන්දර්යාත්මක අගයකින් යුතු ටිබෙට් දේශයේ නිර්මාණාත්මක “තන්කා “ යන සුප්‍රකට බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනු ඇත. ලොව විශාලතම බෞද්ධ ප්‍රකාශන හා තොරතුරු මධ්‍යස්ථානය ලෙසින් ඉදිවන මෙය 2600 සම්බුද්ධ ජයන්ති මංගල්‍යයේ දේශීය සංකේතයයි. පිරිසුදු ථේරවාදී බුදු දහමේ පණිවිඩය ලොවට ගෙන යෑමේ අරමුණින් ඉදිවන ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය බෞද්ධ පොත් හා තොරතුරු මධ්‍යස්ථානයකින්ද, 600 කට පමණ අසුන් ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවකින්ද, පෙර අපර දෙදිග විවිධ භාෂා ප්‍රගුණ කිරීමේ මධ්‍යස්ථානයකින්ද, රජයේ හා පෞද්ගලික පාසල් වල මෙන්ම විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් බෞද්ධාගමික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට ද , ශබ්දාගාර හා පරිගණක නිර්මාණකරණ පහසුකම් වලින්ද, ධර්ම පර්යේෂණ හා ධර්මදූත සේවා වලින්ද යුක්ත වේ. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 300 ක් පමණ වේ.දැනට මෙම මන්දිරය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත්, ඒ සඳහා වැයවන බර පැන සඳහා දෙස් විදෙස් බෞද්ධ ආයතනයන්ගේ සහ ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍යව තිබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.