Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රණවිරු සෑ රදුන්ගේ කොත් නිරාවරණය

තිස් වසරක සාපලත් යුද්ධයේ යුද ගිනිදැල් නිවාලන්නට, ස්වකීය ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිගන්වනු වස් යුද ගිනි නිවා වසරක් සපිරෙන මෙවන් මොහොතක රණවිරු සෑ රදුන්ගේ කොත් නිරාවරණය කිරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී.

විතාරන්දෙණිය රණසිංහගම ශ්‍රී විශුද්ධාරාම මහා විහාරය ඇතුළු පඤ්ච මහා විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ශ්‍රී ඤාණිස්සර නා හිමිපාණන් ගේ අනුග්‍රහය හා මගපෙන්වීම් යටතේ තදීය විහාරාධිකාරි විතාරන්දෙණියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් දකුණු පළාත් සභා සභානායක සී.වී.උපුල් මහතාගේ සංකල්පයකට අනුව එතුමාගේ හා ප්‍රදේශවාසී මහජනතාවගේ ධන පරිත්‍යාගයෙන් රණසිංහගම ශ්‍රී විශුද්ධාරාම මහා විහාරස්ථානයේ අභිනව සෑ රදුන්ගේ කොත නිරාවරණය කිරීම මැයි මස 28 වන දින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ ගේ සුරතින් ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ ආශීර්වාදය මත සිදු කෙරේ.

ඒ නිමිති කොට මැයි මස 27 වන දින රාත්‍රි පිරිත් දෙසුමක් හා 28 වන දින අර්ධ සතාධික මහා දානමය පින්කමක්ද එදිනම පෙරවරු 9 ට මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සව සභාවක්ද පැවැත්වේ. මෙම පින්කම් මාලාව අවසානයේ ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රමුඛ ලක්වාසී සැමට සෙත් ප්‍රාර්ථනා කරනු ලබන අතර මිය ගිය වීරෝදාර රණවිරුවන්ට පින්අනුමෝදන් කොට සකලදෙවි දේවතාවුන්ට පින් දෙනු ලැබේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.