Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී

සම්බුදු තෙමගුල නිමිත්තෙන් අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී මේ මස 27,28, 29 යන තෙදින පුරා අත්‍යලංකාරයෙන් පැවැත්වීමට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කර ඇත.

මේ අනුව කොළඹ ලේක්හවුස් මන්දිරය අබියසදී වෙසක් පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් මෙම 27,28,29 යන තෙදින තුළ පවත්වනු ලැබේ. මෙම වෙසක් පහන් කූ®ඩුතරගයේ ප්‍රථම ස්ථානය සඳහා රු. 200,000 ක්ද 2 වන ස්ථානය සඳහා රු. 150,000 ක්ද, 3 වන ස්ථානය සඳහා රු.100,000 ක්ද 4 වන ස්ථානය සඳහා රු.75,000 ක්ද 5 වන ස්ථානය සඳහා රු.50,000 ක් ද 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු. 10,000 ක්ද 11 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා රු. 5000 ක් ප්‍රදානය කැරෙයි. ප්‍රමිතියට අනුව කූඩු සකසා ඉදිරිපත් කරන අනෙකුත් සෑම තරඟකරුවකුගේ ම සහභාගිත්වය ඇගයීමට ලක් කෙරේ.

ඊට අමතරව ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කරන වෙසක් බැති ගී ගායනා ද 27,28, 29 යන දිනවලදී පැවැත්වේ.

එමෙන්ම ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් බැති ගී ප්‍රසංගයක්ද එම දිනයන්හි දී පැවැත්වේ.

සිසිල් පැන්, කොත්තමල්ලි ආදි දන්සැල්ද අදාළ දිනයන්හිදි මේ ස්ථානයේ පැවැත්වේ. අමාදහර වෙසක් සදහම් කලාපය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනිය සමග ලක්හඬ ගුවන්විදුලිය මගිනි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.