Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් මහ පෙරහර වෙසක් පුර පසළොස්වක පෝ දින පැවැත්වේ.වෙසක් පෝය දින සවස ශ්‍රී දළදා මාලිගාව අබියසයෙන් ආරම්භ වන වෙසක් පෙරහර ශ්‍රී දළදා මාලිගාවේ චතුරශ්‍රයේ ගමන් කරන අතර වෙසක් පෙරහරට ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සමග ඇත් රාජා සර්වඥ ධාතු කරඬුව වැඩමවාගෙන ගමන් කරනු ඇත.

මෙදිනම වෙසක් පෝ දින මල්වතු අස්ගිරි මහා විහාරයන්හි ආරම්භ කෙරෙන උපසම්පදා විනය කර්ම කටයුතු පූජෝත්සවය නිමිත්තෙන් උපසම්පදා පෙරහර දෙකක් ශ්‍රී දළදා මාලිගාවේ සිට මල්වතු අස්ගිරි මහා විහාර කරා ගමන් කෙරේ.

මෙදින වාහලනාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන සාමණේර දෙනම මෙම පෙරහරෙන් මල්වතු අස්ගිරි මහා විහාර කරා වැඩමවාගෙන යනු ලැබේ.

මෙදින ආරම්භයේ සිදුකරන උපසම්පදාවන්හි උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් අතිගරු මල්වතු අස්ගිරි මහා නා හිමි දෙනම පෙනී සිටීම චිරාගත සම්ප්‍රදාය වන්නේය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.