UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ධම්මපද සැහැල්ල - 17 වන කොටස

(68) තඤ් ච කම්මං කතථං සාධු යං කත්වා නා’ නු තප්පති
යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවති

යමක් කළ පසුව ඉන් - සැප සතුට ලැබේ නම් - එවැනි වූ පින් දහම් - තව තවත් කළ යුතුය...

හිතවතුනි , නැණැත්තෝ - යම් දෙයක් කරන්නේ - ඉන් ලැබෙන විපාකය - ගැන සිතීමෙන් පසුය

(69) මධුවා මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති

පව්කාරයා පව් - කරන හැම මොහොතක ම - ඒ කරන පව් වලින් මිහිරක් ලබන්නේ ය. පාපයට නියම වූ විපාකය ලැබෙන විට, පෙර ලැබූ මිහිර ගැන - පසුතැවිලි වන්නේ ය.

හිතවතුනි , වැරැද්දක් - කරන විට සිතට එන - සතුට මහ දුක් ගඟක උල්පතක් වන්නේ ය.

(70) මාසෙ මාසෙ කුසග්ගේන -
බාලො භුඤ්ජේථ භොජනං

න සෝ සංඛත ධම්මානං කලං අග්ඝති සොළසිං

නුවණ අඩු තැනැත්තෝ – කෙළෙස් තැවුමට සිතා මියෙන තුරු ආහාර - නොගෙන කල් ගත කළත් , නැණැත්තකු තුන්දොරින් සංවරව සිල් රකින, ඉතා සුළු මොහොතකට එය සම නොවන්නේ....ය

හිතවතුනි , සංවරව - නුවණැතිව කරන දේ - පමණක් ම

ජීවිතය - සැපවත් කරන්නේය.

(71) නහි පාපං කතං කම්මං සජ්ජු ඛීරංව මුච්චති,
ඩහන්තං බාලමන්චේති භස්මච්ඡන්නෝ’ ව පාවකෝ

අළු ගොඩක සැඟව ගත් - ගිනි පුපුර පරිද්දෙන් - පාපය ද සැඟව සිට - දුක් විපාකය ම දෙයි.

හිතවතුනි , ඔබ කරන - වැරැද්දේ විපාකය -කෙදින හෝ

නිසැකව ම ඔබ කරා එන්නේ ය.

මතු සම්බන්ධයි

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]