UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වේරහැර චෛත්‍ය පූජෝත්සව පින්කම් මාලාව

වේරහැර ශ්‍රී බෝධිරාජාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය, කොත් පැළඳවීම හා කොත් නිරාවරණය යන පුණ්‍යමය අවස්ථාවන් හා රන්වැට, සත්සති කුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම නිමිති කොට පවත්වනු ලබන පූජෝත්සව පින්කම් මාලාව මැයි මස 16 දින සිට 23 දින දක්වා උත්සවාකාරයෙන් සිදු කෙරේ.

මැයි මස 22 වන දින ධාතු නිධානෝත්සවය සිදුවන අතර මැයි මස 23 වන දින පෙරවරුවේ කොත් පැළඳවීම බෙල්ලන්විල රජමහ විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේත් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ද ප්‍රධානත්වයෙන් සිදු වේ. එදින පස්වරුවේ කොත් නිරාවරණය සිදුවනුයේ ඌව පාර්ශ්වයේ මහානායක අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමිපාණන් වහන්සේ අතිනි. මැයි 19 සවස 07.00 ට ධර්ම දේශනාව උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ද මැයි මස 20 සවස 07.00 ට සත් සති පූජාව දීගල පියදස්සි හිමියන් විසින් ද මැයි 21 රාත්‍රී සර්වරාත්‍රික මහ පිරිත් දේශනය ද පැවැත්වේ. විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි දායක පිරිස පින්කම් මාලාව සංවිධානය කර ඇත.

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]