Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපය තෙදිනක් පුරා ලේක්හවුස් මන්දිරය අබියස දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන වෙසක් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයවීමෙන් මෙම මස 27, 28, 29 යන තෙදින පුරා ‘අමාදහර’ වෙසක් සදහම් කලාපය අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙවරත් පැවැත්වේ. එම උත්සව මාලාව වාර්ෂික වෙසක් පහන් කූඩු තරගය හා ප්‍රදර්ශනය සහ වෙසක් බැති ගී ඇතුළු අංශ රැසක් ද ඇතුළත්ව ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ.

එහි ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙනි. ‘ස්වාධීන රූපවාහිනිය’ සහ ‘ලක්හඬ’ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.