Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ වෙසක් ධර්ම මංගල්‍යය මැයි මස පුරා

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාර සඳහම් මැදුරේ සිට බෞද්ධයා නාලිකාව ඔස්සේ මැයි 01 වනදා සිට මැයි 28 වනදා දක්වා දිනපතා පස්වරු 6.30 සිට 7.30 දක්වා විශේෂ ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.මාතෘකා පෙළක් ඔස්සේ දිවයිනේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පවත්වනු ලබන මෙම ධර්ම දේශනා මාලාවට පෙරාතුව පස්වරු 5.00 සිට 6.00 දක්වා සත්බුදු පුජාව වැඩම කරවන දර්ශනීය මල් පෙරහර කොළඹ 07 ඩී.එස්.සේනානායක විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය කරා ගමන් ගන්නා අතර අනතුරුව සත්බුදු පූජාව පැවැත්වේ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ හා දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන දායක සභාවේ මෙහෙයවීමෙන්ද පොලිස් හා ත්‍රිවිධ හමුදා පතීන්ගේ සංවිධායකත්වයෙන් එම පින්කම් මාලාව පැවැත්වේ.

ඒ අනුව මෙම 21 වන දා දම් දෙසුම කිරිඔරුවේ ධම්මානන්ද හිමි, 22 වන දා නාථගනේ අග්ගවංශ හිමි 23 වන දා මැදගොඩ අභය තිස්ස හිමි 24 වනදා දිවියාගහ යසස්සි නාහිමි 25 වන දා කුකුල්පනේ සුදස්සි හිමි 26 වන දා දික්වැල්ලේ උපතිස්ස හිමි එම දම් දෙසුම් පවත්වති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.