Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණය රාජ මහා විහාරස්ථානයේ දී 24 වන දා

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර ඓතිහාසික මහියංගණය රාජ මහා විහාරස්ථානයේදී 2010 මැයි මස 24 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් යුතුව පැවැත්වෙන මෙම උත්සවය සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය මෙන් ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගි වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රසෝම ගමගේ මහතා සඳහන් කරයි. අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහියංගනය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව එය සංවිධානය කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.