ධම්මපද සැහැල්ල - 16 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
64. යාවජිවම්පි චේ බාලෝ
පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති
දබ්බී සූපරසං යථා
මුළු දිවිය නැණැත්තකු - ළඟට වී ගත කළත් මෝඩයා ගුණ නුවණ ටිකක් වත් ලබන්
නෑ .මාලුපිණි හැඳිගාන හැන්දකට කිසිදාක මාලුපිණිවල රසය දැනෙන්නේ නෑ
වගෙයි.
හිතවතුනි, මැණික් ගල් රැසක් පය හැපුණ මුත් අන්ධයා මැණික් වල අගය දැන
ගන්නේ නෑ.
(65) මුහුත්තම පි චේ විඤ්ඤෑ - පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති -ජිව්හා සුපරසං යථා
නුවණ ඇති තැනැත්තා ගුණැත්තන් ඇසුර ලද මොහොතකින් ගුණ නුවණ දෙකම ලැබ
ගන්නේය. මිනිස් දිව මොහොතකින් ආහාරපාන වල පවත්නා නියම රස හැඳින ගන්නා
සේය.
හිතවතුනි ,උසස් දේ , හැමවිටම ලැබෙන් නෑ ඉඩක් ලද මොහොතේම එය ලබා ගත
යුතුය.
(66) චරන්ති බාලා දුම්මේධා - අමිත්තේනේ’ව අත්තනා
කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්ඵලං
නුවණ නැති දුදන තෙම තමාටම සතුරකුව තුන්දොරින් පව් පුරා ජීවිතය ගත කරයි.
ඒ නිසා අන්තිමේ සිතාගත නොහැකි සේ ඉතාමත් කටුක වු දුකට පත් වන්නේය.
හිතවතුනි තුන්දොරින් අසංවර තැනැත්තෝ මරණයට පෙරාතුව දුකට පත්වන්නේය.
(67) න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං විපාකං පටිසෙවති
ඔබ යමක් කළ පසුව පසු තැවෙන්නට වේද? හඬන්නට සිදුවේද? කිසි දිනෙක එබඳු
දේ, නොකළ යුතු වන්නේය.
හිතවතුනි පනින්ට පළමුවෙන් සිතිය යුතු යන කියුම සදාකල් හැමෝටම වැදගත්ය.
මතු සම්බන්ධයි
|