Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොළොන්නරුව තමන්කඩුව පළාතේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය නොබෝදා ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයේ දී සොළොස්මස්ථානාධිපති ගල්විහාරාධිපති අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහ විහාරාධිකාරී අස්ගිරිමහා විහාරයීය කාරක සංඝ සභා සභික ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා හිටපු කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති, (වත්මන් සෞඛ්‍ය ඇමැති) මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බුද්ධ පූජාව සඳහා පිසීමට ගන්නා ලද පළමුවන සහල් පාත්‍රය අමාත්‍ය සිරිසේන මහතා විසින් උපාලි නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. දෙමුන්නෑවේ ශ්‍රී උපරතන නාහිමියෝ ද උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ ද එම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය -
කේ. බණ්ඩාරනායක

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.