Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේ මුල්ගල් තැබීමේ මහෝත්සවයක්

කුරුණෑගල අරංකැලේ මලියදේව අරහන්ත සේනාසනාධිපති ස්වජින් නිකායේ, වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, අධිකරණ සංඝනායක, කම්මාචාර්ය, කම්මට්ඨානාචාර්ය, ශාස්ත්‍රපති සුමතිපාල වංශාලංකාර කිරිපේද්දේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පිරිදි කුණ්ඩගල රාජමහා විහාර සේනාසනයේ සේනාසනාධිපති කිතුලම්පිටියේ ධම්මවීර හිමියන්ගේ යටතේ හා කෑගල්ල තපෝවනයේ තපෝවනයේ සුමේධ හිමියන්ගේ ද මග පෙන්වීම යටතේ ආරණ්‍ය සේනාසන භූමියේ යෝගවචර ගිලන් භික්ෂූන් වහන්සේ සඳහා උපස්ථාන සඳහා නේවාසිකාගාරයක්, හා මුළුතැන් ගෙයක් සෑදීමට කටයුතු යොදා ඇත. එහි මුල්ගල් තැබීමේ අවස්ථාව ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ වංගිස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය, සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක තපෝවනයේ නිවාත නා හිමියන්ගේ සුරතින් මැයි මස 16 ය වන දා පෙරවරු වේ කුරුණෑගල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදි පැවැත්වේ. 15 වන දින ධර්ම දේශනයක් ද 16 වන දින සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. එහි ප්‍රධාන දායකත්වය මිනුවන්ගොඩ බ්‍රියටීස් චන්ද්‍රශීලි මහත්මිය ඇතුළු දායක පිරිස විසිනි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.