Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආලෝක පූජාවක් හා ස්වර්ණමාලි සෑ සමිඳු වන්දනාව

2554 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම හා රුදුරු යුද්ධය නිමා වී වසරක් සපිරීම නිමිතිකොට මියගිය සියලු රණවිරුවන්ට පින් පැමිණවීම පිණිස පාදුක්ක කුරුගල මෙත්මුණි සංවිධානය මඟින් සංවිධානය කෙරෙන ලක්‍ෂයකට අධික විදුලි පහන් ආලෝක පූජාව, ලක්‍ෂයකට අධික නෙළුම් මල් හා වනමල් පූජාව, පහන් පූජාව, සුවඳ දුම් පූජාව, දහසකට අධික මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන දානාදී පූජාවෙන් අනතුරුව අෂ්ඨපරීස්කාර පූජාව, දහසකට අධික නෙළුම් හැඩැති පහන් කූඩු පූජාව, ධර්ම ග්‍රන්ථ පූජාව යනාදී පූජා පෙරදැරිව පැවැත්වෙන ආලෝක පූජාව හා ස්වර්ණමාලී සෑ සමිඳු වන්දනාව මැයි මස 15 සහ 16 යන දිනයන්හි අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රඳුන් අබියසදී පැවැත්වීමට විධිධානය සකසා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.