Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ‘චත්තාරි අගතිගමනානී යො ධම්මංඅතිවත්තති නිහීයතී යසො කාලපක්ඛෙව වන්දිමා’.

‘යමෙක් දහමින් දිවි පැවැත්මෙන් ඈත්වේද? ඔහුගේ කීර්තිය කළුවර අහසේ චන්ද්‍රයා මෙන් පිරිහී යයි.’ පුද්ගල පරිහානියට හේතුවන ‘අගති සතර’ (දුරාචාර) මොනවාද?

පිළිතුර - ඡන් ගතිං ගච්ඡති - ඡන්දය කැමැත්ත නිසා අගතියටද පත්වෙයි.
දොසා ගතිං ගච්ඡති - ද්වේෂය, වෛරය මිනිසා අගතියට ගෙනයයි.
මොහා ගතිං ගච්ඡති - මෝහය (මුලාව) අගයතියට ගෙන යයි.
භයා ගතිං ගච්ඡති - බියෙන් අගතියට යයි.

ප්‍රශ්නය - සංග්‍රහශීලි බෞද්ධ සමාජය තුළ මෙම සත් ගුණයන් ‘එතෙ සංගහා ලොකෙ රථස්සා ණීව යායතො’ ජංගම රියක රථ රෝද ‘කඩ ඇණය’ වැනිය. මෙම සත් ගුණ සමාජ ධර්මයන් මොනවාද?

පිළිතුර - සතර සංග්‍රහ වස්තු නම්
දානය , පි‍්‍රයවචවනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන්නය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට මහත් වූ භෝග හා කීර්තිය ආදී සම්පත් ලබා ගැනීම සඳහා හේතුසාධක හත රක් (04) තිබිය යුතු බව වදාළහ. මේ හේතු සාධක මොනවාද?

පිළිතුර - පතිරූපදේසවාසය - සත්පුරුෂ සේවනය තමා ශ්‍රද්ධාදී ගුණදහම්හි. සිත සමාහිතව තබා ගැනීම, පෙර පින් ඇතිබව යන්නයි.

ප්‍රශ්නය - මිනිස් ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බුදු දහම විසින් හඳුන්වා දෙන ප්‍රායෝගික ක්‍රමවේදයන් පහක් පිළිබඳව පෙළ දහමෙහි සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර - 1. ඒකං සව්‍යාකරණීය - ඒකාන්තයෙන්ම විසඳිය යුතු ගැටලු (සෘජුවම)
2. විභජ්ජ ව්‍යාකරණීය - බෙදා විසඳිය යුතු ගැටලු
3. පටිපුච්චා ව්‍යාකරණීය - විචාරශීලිව විසඳුම් ලබා ගැනීම
4. ඨපනීය - විසඳලීම සඳහා භාජනය නොකර (තබාලිය යුතු) ගැටලු.

ප්‍රශ්නය - (අං.නි. සුප්පාවාස සූත්‍ර) භොජනං සූප්පාවාසෙ දෙන්ති අරිය සාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි.

බුදුන් වහන්සේ සුප්පාසාවෙනි, දන්දෙන ආර්ය ශ්‍රාවකයනට දිවි පැවැත්මට අවශ්‍ය දෑ හතරක් සපයා දෙයි. බුදුරදුන් වදාළ මේ සතර කරුණු මොනවාද?

පිළිතුර- 1. ආයුං දෙති - ආයුෂ දෙයි
2. වණ්ණං දෙති - වර්ණය දෙයි
3. සුඛං දෙති - සැපය දෙයි
4. බලං දෙති - බලය දෙයි

ප්‍රශ්නය - අනේපිඬු සිටුතුමා උදෙසා දිනෙක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ‘ගෙහෙවිය’ ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ වූ සතර දහම්හි ප්‍රතිලාභය පිණිස සතර දහමක් පිළිපැදිය යුතුය’ අනේපිඬු සිටු අරභයා දේශනාකොට වදාළ එම දහම් සතර මොනවාද?

පිළිතුර - සද්ධා සම්පදා
සීල සම්පදා
චාග සම්පදා
පඤ්ඤා සම්පදා

ප්‍රශ්නය - අනේපිඬු සිටුතුමා අමතා බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ වදාළහ. ‘ගහපති අරියසාවකො උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි බාහා බල පරිච්තෙහි සෙදා වක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්ම ලද්දෙහි චත්තාරි කම්මානි කත්තා හොන්ති. කතමානි චත්තාරි’.

ගෘහපතිය ඒ ආර්ය ශ්‍රාවක උත්සාහ වීර්යයෙන් දෑත දෙපයේ සහ දහඩිය මහන්සියෙන් උපයන ලද ධාර්මික ව භෝගයෙන් ධනයෙන් කළයුතු වූ කරුණු සතරක් ඇත. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ එම කරුණු හතර මෙනවාද?

පිළිතුර - සමාජ සැපවත් වෙයි, මවුපියන් සැපවත් කරයි, අඹුදරුවන් දැසි දසුන් සුවපත් කරයි, මිතුරු සහායකයන් සුවපත් කරයි.
ආපදාසු භොගෙහි පරියෝධාය වත්ති.
විපතකදී ප්‍රයෝජනය සඳහා තැන්පත් කරයි.
ඤාති බලි - අතිථි බලි - පුබ්බපේත බලි - රාජ බලි- දේවතා බලි වශයෙන් ධනයෙන් පංචබලි සඳහා වෙන් කරයි.
මහණ බමුණන් සඳහා දක්ෂිණාවක් වශයෙන් වෙන්කරයි.

ප්‍රශ්නය - අසත්පුරුෂයෙකුගෙ ගති ලක්ෂණ මොනවාද?

පිළිතුර - අනුන්ගේ යම් අගුණයක් ඇත්ද එය නොවිචාරණ ලදද ප්‍රකාශ කරයි.
අනුන්සතු ගුණය සැමවිට වසාලයි. විචාරණ ලද්දේද සඟවා තබයි.
තම අගුණය සැමවිට සඟවා කථා කරන අතර විචාල විට අගුණයද වසා ඔහුගේ නැති ගුණයක් ප්‍රකාශ කරයි.
තමාගේ ගුණය නොවිචාල වීමත් ප්‍රකාශ කරමින් විචාලවිට සත්‍යය වසන්කොට මුසාවාදයෙන් ගුණමහත් බව ප්‍රකාශ කරයි.

ප්‍රශ්නය - අං.නි. පඨමවලාහකසූත්‍ර දේශනාවෙහි එන පරිදි ‘වලාහකූ®පමා’ පුද්ගලයෝ සතර ලොව සිටින බව බුදුරදුන් වදාළහ. එම සුවිශේෂ සමාජගත පුද්ගලයෝ සිව්දෙනා කවරහුද?

පිළිතුර - එකච්චො පුග්ගලො භාසිතාහොති නො කත්තා කථිකයෙකි. ක්‍රියාවක් නැත.
කත්තා හොති නො භාසිතා - ක්‍රියාකාරී වෙයි. නිශ්ශබ්දව සිටී.
නෙව භාසිතා - නෙව කත්තා
කතාව හා ක්‍රියාව කැලම නැත.
එකච්චො පුග්ගලො භාසිතාම හොති. කත්තාච - කථාවෙහි මෙන්ම ක්‍රියාවෙහිද එකසේ වෙයි. (යථාවාදී - තථාකාරී) කථාව යම්සේද ක්‍රියාවද එසේම වෙයි.

ප්‍රශ්නය - උප්පලවණ්ණා තෙරණිය සිව්පිළිසිඹියා පත් රහත් ඵලය ලබාගත්තේ කෙසේද?

පිළිතුර - උපෝසථාගාරයේ පහන් දල්වමින් සිටියදී ඇවිලෙන පහන්සිළුවක් දෙස බලා සිට ‘තෙජෝ කසිණ’ සමාපත්තියට සමවැදී. උප්පලවණ්ණ තෙරණිය රහත් ඵලයට පැමිණියාය.

ප්‍රශ්නය - මහනුවර දළදා පෙළහර පැවැත්වූ රජුන් අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සුවිශේෂ තැනැත්තෙක් වූයේ කුමන හේතුවක් පදනම් කරගෙනද?

පිළිතුර - අවසන් වරට දළදා පෙරහර පැවැත් වූ රජුතුමා වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය.

ප්‍රශ්නය - දිඹුලාගල මහාකාශ්‍යප මාහිමිපාණන් වහන්සේ ලංකා සාසන වංස කථාවේ සුවිශේෂ වූ තෙර නමකි. එසේ වීමට හේතු සාධක වූයේ කුමක්ද?

පිළිතුර - ලංකා ශාසන ඉතිහාසයේ පළමුවන ‘සංඝරාජ’ මාහිමිපාණන් වහන්සේ වූයේ දිඹුලාගල මහාකාශ්‍යප මාහිමිපාණන් වහන්සේ ය.

ප්‍රශ්නය - සුරාපානය නොකල්හි වීථි සංචාරය දූ කෙළිය - නෘත්‍යශාලා ඇසුරපි‍්‍රය කිරීම, පාපමිත්‍ර සේවනය, අලසකම මිනිසා වෙලාගත් මෙම දුසිරිත් සමූහය ධර්මානුකූ®ලව දේශනාගත එක් නමකින් සඳහන් කරන්න.

පිළිතුර - සිඟාලෝවාද සූත්‍රයෙහි අපාය දොරටුහය සඳහන් වන්නේ සුරාපානය, නොකල්හි වීථිසංචාරය දූ කෙළිය, නෘත්‍ය ශාලාවල ඇසුර පි‍්‍රයකිරීම පාප මිත්‍ර සේවනය, අලසකම යන දුසිරිත්ය.

ප්‍රශ්නය - ලෝභ, දෝස, මෝහ මෙම කරුණු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - අකුසල කර්මයක් සඳහා ප්‍රධානවන සිතුවිලි (වෛතසික) තුනකි. එනම් ලෝභ, දෝස, මෝහ යන්නයි.

ප්‍රශ්නය - තෙරුවන් කෙරෙහි පවත්නා අචල විශ්වාසයට ධර්මානුකූ®ලව යෙදෙන නාමය පැහැදිලි කරන්න.

පිළිතුර - සප්ත ආර්ය ධන අතරෙන් ‘සද්ධා ධනයයි’

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.