Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 15 වන කොටස

5 බාල වර්ගය

(60) දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යොජනං

දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං

නිදි වරණ, රැය දිගයි, - වෙහෙස නම්, මග දිගයි, - බණ නොදන්නා අයට - සංසාර මග දිගයි....
හිතවතුනි, නුවණ අඩු -හොඳ නරක නොදන්නා තැනැත්තෝ දිවි ගමන – අවුල් කර ගන්නෝ.... ය.....

(61) චරං චෙ නාධිගච්ඡ්‍යෙය සෙය්‍යං සදිසමත්තනෝ

එක චරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා

උසස් ගුණ ඇති කෙනෙකු, ඇසුරකට නොමැති නම්, තමන් සම ගුණැත්තකු, ඇසුරු කළ යුත්තේ ය. පාපයට දොර හැරෙන, දුදන ඇසුරට වඩා, තනිව ජීවත් වීම, වඩාත්ම අගනේ....ය....
හිතවතුනි, ඔබ ඔබේ – අසල්වැසියන් සමඟ, හැටි සුබාදැන හැඳින, ඇසුරු කළ යුත්තේ.... ය....

(62) පුත්තා ම ත්ථි ධනම් ම ත්ථි – ඉති බාලෝ විහඤ්ඤති,

අත්තාහි අත්තනො නත්ථි – කුතො පුත්තා කුතො ධනං

“මට ධනය ඇත්තේ ය, දරුවෝ ද මට සිටිති” කිය කියා මෝඩයෝ, දිවා රෑ නන් දොඩති, මෙලොව කවරකුට හෝ තමාවත් අයිති නැත. ඉතින් වෙන කිසි දෙයක් කවරකුට හිමි වේ... ද?....
‘හිතවතුනි, ආශාව - මැඩපැවැත්විය යුතු ය. නැතොත් එය දැඩි දුකට හේතුවක් වන්නේ ය.

(63) යො බාලො මඤ්ඤති බාල්‍යං - පණ්ඩිතො වා පි තෙන සො,

බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලොති වුච්චති

තමා අනුවණ බවක්, යම් කෙනෙකු දනී නම්, සුළු කලකදීම ඔහු නැණැත්තකු වන්නේ ය. නුවණ නැති තැනැත්තා, නැණැත්තකු සේ සිතා, ජීවිතය ගෙවයි නම්, හේ නියම මෝඩයෙකි.
හිතවතුනි, ඔබ නුවණ, අඩු කෙනෙකු සේ සිතා, නිහතමානී, ලෙසින් ජීවිතය ගෙන යන්න. එවිට මේ ජීවිතය සරුසාර වන්නේ ය. කම්කටොලු වේදනා, බොහෝ අඩු වන්නේ ය.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.