Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ගම්පහ කිරිඳිවිට ගැමුණු කනිෂ්ඨ විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය ඉදිකර සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කැරිණි. එම විද්‍යාලයේ විදුහල්පතිනි එච්.ඒ. සෝමලතා කලටුවාව මහත්මියගේ ආරාධනයෙන් විදුහලේ සම්පත් දායිකාවක් වන පේමවතී අබේසේකර ගේ ප්‍රධාන මූල්‍ය දායකත්වය සහ ආචාර්ය මණ්ඩලයේ හා දෙමව්පියන්ගේ දායකත්වය ඒ සඳහා ලැබී ඇත.ගම්පහ අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ විදුහලේ ආදි ශිෂ්‍ය සුසන්ත ගුණතිලක මහතා අතින් බුදුමැදුර විවෘත කැරිණි. බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න , චූල බණ්ඩාර, අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ අයි.බී.ජයසිරි, විශ්‍රාමලත් විදුහල්පති ඒ.එල්. සෝමපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා කළණි සූරියප්පෙරුම , හිටපු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිරිල් ජයසිංහ යන මහත්ම මහත්මීහුද ඊට සහභාගි වූහ.
ඡායාරූපය - කහපොල ඩබ්ලිව්. ඩී.සෝමරත්න

වැල්ලවාය රත්මල් වෙහෙර විහාරස්ථානයේ දී ඉකුත්දා දරුවන් දෙදෙනෙකු සසුන් ගත කරන ලදී. එහිදී වැල්ලවාය විහාරාධිපති සංගමයේ සභාපති වැලිවිටියේ සෝරත හා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි නුගයායේ නන්දසාර යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ආගමික කටයුතු සිදු කළ අයුරු. ඡායාරූපය - වැල්ලවාය සමූහ විජේරත්න හෙන්නායක

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.