Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධාලෝක වෙසක් තෙමඟුල

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වසරක් පාසා පවත්වනු ලබන වෙසක් උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් බෞද්ධාලෝක මාවත සහ සම්මේලන පරිශ්‍රය වෙසක් සිරියෙන් ආලෝකමත් කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. 2010 මැයි මස 27 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සීල සමාදාන වැඩසටහන් සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ද 28 , 29, 30 යන තෙදින තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ,පහන් කූඩු, වෙසක් තොරණ, භක්ති ගී, බුදුන් පුදන මල් ප්‍රදර්ශනය, ධම්ම පද ගායනා, චිත්‍ර ප්‍රදර්ශන යනාදිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.