Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු ධජ සමරුව

වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන්ගේ ජය භූමිය වූ කොටහේන දීපදුත්තමාරාම විහාරස්ථානයේදී .

බෞද්ධ කොඩිය ඔසවා වසර 125 ක් සපිරීම උත්සවශ්‍රීයෙන් සැමරීම සහ 2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා අපේ‍්‍රල් 28 වෙනි දින සිට ඉදිරියට උත්සව මාලාවක් සංවිධානය කිරීමට කොටහේන දීපදුත්තමාරාම භූමියේ පිහිටි කුමාර විද්‍යාලය ප්‍රමුඛ බොදු ධජ සැමරුම් කමිටුව සූදානම් කර ඇත. ඒ අනුව මේ උදෙසාම විශේෂයෙන් නිර්මාණය කරන ලද ධජ ස්ථම්භය විවෘත කිරීමද අතීතයේ පැවති පෙරහර සංකේතවත් කරමින් සිවු දිසාවෙන් පෙරහර හතරක් පැමිණීමද, අපේ‍්‍රල් 28 වෙනි දින ප.ව. 4 ට කොටහේන දීපදුත්තමාරාමයේදී සිදු කැරිණි. එම අවස්ථාවට අතිපූජ්‍ය මහා නා හිමිවරුන් සහ අග්‍රාමාත්‍යතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගිවීමට නියමිතව තිබිණි.

සමරු ධජ ස්ථම්භය විවෘත කිරීමෙන් අනතුරුව කෙටි උත්සව සභාවේ මුලසුන අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන් විසින් හොබවන ලදී.

සවස 6.30 මල් පහන් පූජාවක් පවත්වා කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් ගුණානුස්මරණ ධර්ම දේශනයක් පැවැත්වූහ. එම උත්සව මාලාව මැයි මස වෙසක් උත්සවය දක්වා දිවෙන අතර මැයි මස 21 වෙනි දින සිට දිනපතා රාත්‍රි ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ උත්සවයේ පැවැත්වෙන ගද්‍ය, පද්‍ය රචනා තරගය, වෙසක් ගීත රචනා තරගය මෙන්ම වෙසක් බැති ගී ගායනා තරගය සහ වෙසක් කූඩු ප්‍රදර්ශන තරගය සඳහා සහභාගිවන ලෙස කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්, දහම් පාසල්, පිරිවෙන්, දූදරුවන්ට , ගුරු භවතුන්ට සහ ගුරු උපදේශක භවතුන්ට අරාධනා කැරේ.

මෙම තරග සහ වෙසක් කූ®ඩු තරගය මැයි මස (වෙසක් පොහොය දින සිට ) 27 දින සිට 31 වෙනි දින දක්වා කොටහේන වෙසක් කලාපය තුළදී සිදු කිරීමට නියමිතව ඇත. මෙම සියලු සංවිධාන කටයුතු බොදු ධජ සැමරුම් කමිටුව හා කුමාර විද්‍යාලය ඒකාබද්ධව සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.