Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කේ.ඒ. රාණි අජන්තා මහත්මියගේ 18 හැවිරිදි දියණිය වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි කියති. එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වී නම් ඉතා ඉක්මනින් පහත සඳහන් දුරකතන අංක වලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ. දුරකතන අංක 0777 – 485516, 072 – 5995878, 077 – 3595537 වේ.


 

අට හැවිරිදි සංජීව ඔබේ පිහිට පතයි

වැලිගල්ල කිරින්ද අංක 113 ලිපිනයේ පදිංචි අට හැවිරිදි සංජීව කුෂාන්ත කරුණාසාගර දරුවා දරුණු හදවත් රෝගයකින් පෙළෙන බැවින් ඔහු ඉක්මනින් ශල්‍ය කර්මයකට ලක්කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා නිර්දේශ කර ඇත. මේ සඳහා විශාල මුදලක් වැයවන අතර එම මුදල සොයා ගැනීම ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ මව්පියන්ට බෙහෙවින් දුෂ්කර වී ඇත. මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් ගෙළිඔය මහජන බැංකුවේ අංක 491 - 209014050 - 0 ගිණුමට මුදල් බැරකරන ලෙස හෝ 071 - 4614056 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.


අමාලි ඉමල්කාට පිහිට වන්න

වැලිගම, වල්ලිවල, අංක 329 නිවසේ පදිංචි 23 හැවිරිදි අයි. ඩබ්ලිව්. එම්.ඩී.ටී අමාලි ඉමල්කා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට වහා 0+ (ඕ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. චිත්‍ර කලාවට සහජ හැකියාවක් ඇති ඇය දෙස් විදෙස් ත්‍යාග පවා හිමිකර ගෙන ඇත. එම ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති හිමිනමක් හෝ වෙනත් පරිත්‍යාගශීලියකු වේ නම් 041 – 2250069 අමතන ලෙස ඉල්ලා සිටී. එසේම ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගයන් අපේක්ෂා කරන අතර එම පරිත්‍යාගයන් වැලිගම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 1 – 0066 – 02 –32904 යොමු කරන ලෙස ඉල්ලා සිටී.

 


 

තලවකැලේ නුවරඑළිය පාරේ පදිංචි එන්. ඒ.ඩී. දයානි මල්කාන්ති මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති දානපතියෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ. දුරකථන අංක, 077 – 5741021, 071 – 8286727.


 

ඊරට්ටපෙරියකුලම, මඩුකන්ද, සිවිල් ආරක්‍ෂක බලකා අනුකණ්ඩයේ සේවය කරන ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑවේ හතළිස් හැවිරිදි ඩී.විපුලසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.මාතු මහතා නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් ඒ බව 025 – 5789249, 071 – 4240411, 033 – 2228611 යන දුරථකන අංකයන්ට දැනුම් දෙන්නැයි ඔහුගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.