Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්ම පද සැහැල්ල - 13 වන කොටස

(51) යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා අඵලා හෝති අකුබ්බතො

පැහැය ඇති සුවඳ නැති – මල් අගය අඩු දෙයකි. මිහිරි වූ අරුත් සුන් – වචනය ද එසේ මය.

හිතවතුනි; වචනවල – අරුත් සුන් වූ විටෙක - සුවඳ නැති මලක මෙන් – අගය අඩු වන්නේ ය...

(52) යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්ධකං,
ඒවං සුභාසිතා වාචා සඵලා හොති සකුබ්බතො.

පැහැය සහ සුවඳ ඇති – මල් ඉතා අගනේ ය. මිහිරි වූ අරුත් බර – වචනය ද එසේ ම ය...

හිතවතුනි; වචනවල – අරුත් බර වූ විටෙක - සුවඳ පිරි මලක මෙන් – අගය වැඩි වන්නේ... ය...

(53) යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණේ බහු,
එවං ජාතෙන මච්චේන කත්තබ්බං කුසලං බහුං.

හපන් මල්කරු තෙමේ – මල් රැසක් පෙළට ගෙන – විසිතුරුව මල් දමක් - ගොතන්නා පරිද්දෙන්/උපන් හැම මිනිසා ම – පින් දහම් කිරීමෙන් - මේ අඳුරු ජීවිතය – ආලෝක කළ යුතු ය...

හිතවතුනි; හැමවිට ම – පින් දහම් කරන්නා - අසල්වැසි දනන්ගේ - සිත් දිනා ගන්නේ ... ය...

(54) න පුප්ඵ ගන්ධෝ පටිවාතමෙති න චන්දනං තගර මල්ලිකා වා
සතං ච ගන්ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාති.

මල් සුවඳ උඩු සුළං - අතට විහිදෙන්නෙ නෑ. - සඳුන් සුවඳත් යන්නෙ - සුළං යන අතටමය./ ඒ වුනත් සත් පුරුෂ – ගුණ සුවඳ එහෙම නෑ - ඒ සුවඳ ලෝකයේ - දස දිශාවට ඇදේ...

හිතවතුනි; තුන් දොරින් - සංවරව හැසිරෙන්න. – එවිට ලොව හැම දෙනා - අතර ඔබ පිළි ගැනේ...

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.