Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්‍ෂූන් වහන්සේට දෙමළ භාෂා දැනුම

ජාතින් අතර අන්‍යෝන්‍ය සමගිය ඇති කිරීමත් ධර්ම ප්‍රචාරයත් අරභයා භික්‍ෂූන් වහන්සේට දෙමළ භාෂා දැනුම ලබාදීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලය වැඩසටහනක් දියත් කරන බව එහි සභාපතිනි වෛද්‍ය රානි ප්‍රනාන්දු මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලය මගින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිර්දේශයට අනුව දෙමළ උපාධිධාරි බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂා පුහුණු පන්තියක් භික්‍ෂූන් වහන්සේ සඳහා පැවැත්වීමට වැඩ කටයුතු සූදානම් කර ඇත. එම පන්තියට සහභාගිවීමට කැමති භික්‍ෂූන් වහන්සේ වැඩි විස්තර හා ඉල්ලුම්පත් සඳහා මෙහි සඳහන් ලිපිනයෙන් විමසන ලෙස ඒ මහත්මිය සඳහන් කරයි.

වෛද්‍ය රානි ප්‍රනාන්දු, සභාපතිනිය, ජාතික අධ්‍යාපන මණ්ඩලය , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, අංක 380 බෞද්ධාලෝක මාවත, කොළඹ 07. එම ලිපිනය වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.