| ධම්ම පද සැහැල්ල  - 12 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ 
			 
			 
			(47) පුප්ඵානි හෙව පචිනන්තං - 
			බ්‍යාසත්ත මනසං නරං
 සුත්තං ගාමං මහොඝොව - 
			මච්චු ආදාය ගච්ඡති,
 
			 
			කම් සැපම පතන්නෝ, කම් සැපම පතා යති. අන්තිමට මරු වසඟ වන සියල්ලෝම 
			නිසැකවම පව අනුව අගතියට යන්නෝ ය. කල්ප ගණනක් පුරා අපා දුක් විඳින්නෝ 
			ය... 
			හිතවතුනි, කම්සැපට, ඇදී යන ඔබේ සිත සීමාව ඉක්මවා යා නොදී රැක ගන්න. එසේ 
			නැතහොත් අතුරු, අනතුරු යෙදෙන්නේ ය. ජීවිතයේ සැනසීම එයින් නැති වන්නේ ය. 
			 
			 
			(48) පුප්ඵානි හෙව පචිනන්තං 
			බ්‍යාසත්ත මනසං නරං,
 අතිත්තං යෙ ව කාමෙසු - 
			අන්තකො කුරුතෙ වසං
 
			 
			කම් සැපට නැඹුරු වන තැනැත්තෝ නිසැකවම සතුටු වන්නටත් පෙර විපතට වැටෙන්නෝ 
			ය. 
			හිතවතුනි, කම් සැපට නැඹුරු වී සිටින්නෝ දිවා රෑ අනතුරට මුහුණදීගෙන 
			සිටිති.... 
			 
			 
			(49) යථාපි භමරො පුප්ඵං - 
			වණ්ණගන්ධං අහෙඨයා,
 පලෙති රසමාදාය – 
			එවං ගාමෙ මුනී චරෙ
 
			 
			බමරු මල්වල සුවඳ, සහ ඔපය නැති නොකර, මල් වලින් රොන් රැගෙන ඉවතකට 
			පියාඹති. පිඬු සිඟා වඩින්නෝ, ගමේ පිඬු සිඟන්නේ, බමරු රොන් රැගෙන යන 
			අහිංසක පරිදිමය..... 
			හිතවතුනි, ඔබට මේ ලෝකයෙන් යම් දෙයක්, ඇවැසි නම් ලෝකයට, දුක් නොදී 
			අරගන්න. 
			 
			 
			(50) න පරෙසං විලොමානි – න පරෙසං කතාකතංඅත්තනෝ ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
 
			 
			අනුන් කළ නොකළ දේ අනුන්ගේ ඇද පලුදු කිසි දිනක කිසි විටක සෙවිය යුත්තේ 
			නොවේ. තමන්ගේ ඇද පලුදු තමන් කළ නොකළ දේ දිවා රෑ දෙකේහි නිරතුරුව සෙවිය 
			යුතු..... 
			හිතවතුනි, ලෝකයෙන් ඔබට වන සෙතක් ගැන නොවේ, මේ ලෝකයට ඔබෙන් වන දේ 
			සිතනු.... 
			 
			මතු සම්බන්ධයි, 
			 
			  |