Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ මෙහෙයවීමෙන් මාතර දිස්ත්‍රික්කයේ මහ පිරිවෙන් හා මූලික පිරිවෙන් 57 ක මූලික ශ්‍රේණියේ සාමණේර භික්‍ෂූන් වහන්සේ 357 නමක් සඳහා දෙදිනක නේවාසික පුහුණු වැඩමුළුවක් මාතර කිතුලේවෙල ජය මහ විහාරස්ථානයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ ප්‍රධාන අධ්‍යාපන අධ්‍යක්‍ෂක වලස්වැවේ ඤාණරතන, ගාලු දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යක්‍ෂක බලන්ගොඩ අමරජෝති, මාතර හම්බන්තොට දෙදිසාවේ අධිකරණ සංඝනායක වටගෙදර රේවත යන හිමිවරු ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිමල් පේමතිලක, සෞන්දර්ය අධ්‍යයන පීඨයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක සිරිල් සිරිවර්ධන යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ. ඒ සඳහා සහභාගි වූ සාමණේර භික්‍ෂූන් වහන්සේ මාතර සාන්ත තෝමස් කුමර විදුහල දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ අවස්ථාව කඹුරුපිටිය සමූහ- කේ.ජී.ඩී.ද සිල්වා

මහනුවර පාතදුම්බර මීගම්මන උතුර කොටඹේවත්ත සිල් මෙහෙණි ආරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගියදා නිරාවරණය කැරිණි.  එදින මීගම්මන කොටඹේවත්ත සුධම්මදින්නා දසසිල් මාතාවගේ පැවිදි දිවිය ඇරැඹු දිනය නිමිත්තෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන රණවිරුවන්ට සෙත් පැතීමේ අරමුණින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්විණි. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණයෙන් පසු දසසිල් මාතාවරු මල් පූජා කළ අවස්ථාව.

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.