Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොව වටා පින්කම් මාලාවක්

සුප්‍රකට විද්‍යා ලේඛකයකු හා තාරකා විද්‍යාඥයකු වන අනුර සී.පෙරේරා මහතා ගේ අභාවප්‍රාප්ත ආදරණීය බිරිඳ වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියට පින් පැමිණවීම පිණිස, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වලට පූජා කිරීම සඳහා සූදානම් කරන ලද දහම් පඬුරු දෙසීයෙන් ‘මුල්ම දහම් පඬුර’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූ අයුරු. එම විශේෂ අවස්ථාව සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයෙකු වන වෛද්‍ය හේමන්ත බෙනරගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාය¸ බෙල්ලන්විල විමරතන නාහිමිපාණන් ගේ මූලිකත්වයෙන් එම පින්කම් මාලාව සිදු කෙරේ. වසර තිහකට නොඅඩු කාලයක් කොළඹ, මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා පාසලේ විද්‍යා/ගණිත ගුරුවරියක ලෙසද, විශ්‍රාම යෑමෙන් පසු වසර දහයක පමණ කාලයක් ඇමෙරිකාවේ ද ගුරුවරියක ලෙස සේවය කළ එමෙන්ම, ප්‍රකට විද්‍යා ලේඛකයකු හා තාරකා විද්‍යාඥයකු වන අනුර සී. පෙරේරා මහතා ගේ ආදරණීය බිරිඳ වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මිය පරලෝ සැපත් වී තුන් මාසයක් පිරෙන මෙම අප්‍රේල් මස මුල් සතියේ දී, මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවන්නට ඇයට පින් පතා ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 100 ක සහ ලොව පුරා රට රටවල විහාරස්ථාන 100 ක විශේෂ පින්කම් රැසක් සිදුකිරීමට නියමිතය. පසුගිය වසර දහයක පමණ කාලයක් ඇය ජීවත් වූ ඇමෙරිකාව ප්‍රධාන එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු ලොව වටා රටවල් රැසක මෙම පින්කම් මාලාව සිදුකෙරෙනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.