Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


සමස්ත චීන බෞද්ධ මහා සංගමයේ විශේෂ දූත පිරිසක් පසුගියදා මෙරටට පැමිණ සිටියහ. එම පිරිස පිළිගැනීමේ උළෙලක් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. එහිදී කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් ප්‍රමුඛ සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපති තිසර සමරසිංහ, ජනාධිපති ආරක්‍ෂක උපදේශක අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරු ටෙලිකොම් ආයතනයේ සභාපතිනී ලේෂා ද සිල්වා මහත්මිය ඇතුලු දායක සභාවේ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. බීජින් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ලින්සැන් විහාරාධිපති සහ චීන බෞද්ධ සංගමයේ මහ ලේකම් සිංවැංසැං මහනාහිමියන් ඇතුලු චීන දූත පිරිස සම්බෝධි විහාරයේදී විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් දායක සභාවේ සභාපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පිළිගත් අයුරු.

ලේක්හවුස් ආයතනයේ වසර 40 කට අධික කාලයක් සේවය කළ අධ්‍යක්ෂ මණ්ඩල හිටපු ලේකම් සරෝජ් වික්‍රමසිංහ මහත්මිය පරලොව සැපත් වී තෙමසක් සපිරීම නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ දායකත්වයෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එහිදි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර හිමියන් වෙත බන්දුල පද්මකුමාර මහතා විසින් පිරිකර පූජා කළ අවස්ථාව.

බන්දුල පද්මකුමාර මහතා සමග සරෝජ් වික්‍රමසිංහ මහත්මියගේ සැමියා වන තිස්ස වික්‍රමසිංහ මහතා සහ පුතුද පැන් වඩා පුණ්‍යානුමෝදනා කළ අවස්ථාව. ලේක්හවුස් සේවක සේවිකාවෝ පිරිසක්ද ඊට සහභාගි වූහ. ඡායාරූප - සමන්ත වීරසිරි

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.