Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දමයන්ති ජයකොඩි ලියූ බෞද්ධ ග්‍රන්ථ දෙකක් මාර්තු 31 වනදා දොරට වඩී

“අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රචනා කළ දමයන්ති ජයකොඩි මහත්මිය ලියූ “අපේ බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත්මයි! අද්භූතමයි!” සහ “ගෞතම බුද්ධ චරිතය 1 - බෝසතාණන් වහන්සේ” අලුත්ම බෞද්ධ ග්‍රන්ථ දෙක කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට පිළිගැන්වීමේ උත්සවය සහ ඒ නිමිත්තෙන් උන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය මාර්තු මස 31 වැනි දා සවස 4.00 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “අපේ බෝසතාණන් වහන්සේ ආශ්චර්යවත්මයි! අද්භූතමයි!” ග්‍රන්ථය ළමා මනස මුල්කරගෙන සරල බසින් ලියා ඇත. “ගෞතම බුද්ධ චරිතය 1 - බෝසතාණන් වහන්සේ” ද ඉතාමත් සරල බසින් බෝසත් චරිතයේ සෑම සිද්ධියක් පිළිබඳව ලියැවුණු අගනා ළමා කෘතියකි. මෙම ග්‍රන්ථ දෙක අගනා වර්ණ පින්තූර රැසකින් ද සමන්විත ය. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට සහ ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයට සහභාගී වීමට ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා ආරාධනය කරයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.