Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභිනව විහාරය සඟ සතු කිරීම

ඇඹිලිපිටිය, පදලංගල වරායායේ සමිත හිමියන් දායක දායිකාවන්ගේ ආධාරයෙන් හෝමාගම හල්බරාව ප්‍රදේශය නිමලාරාම සමාධි අසපුව “ නමින් විහාරයක් ඉදිකර එය සඟ සතුකර පූජා කිරීමේ පින්කම පෝදා සවස 4 ට සිදු කැරේ. මුල්කිරිගල රජමහා විහාරයටත් රම්බාරජමහා විහාරයටත් අනුබද්ධිත විහාරයක් ලෙස එය පවත්වාගෙන යන බව වරායායේ සමිත හිමියෝ පවසති. එම අවස්ථාවට මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ගොඩගම සද්ධර්මකීර්ති ශ්‍රී වනරතන නාහිමි, ශාස්ත්‍රපති දේවහන්දියේ පඤ්ඤාසේඛර නාහිමි. කීර්ති ශ්‍රී බෙලිගල්ලේ සරණපාල නාහිමි ඇතුළු මහ සඟරුවන සහ සබරගමුව ආණ්ඩුකාර ජානක ප්‍රසන්න බණ්ඩාර මහතා ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගිවීමට නියමිතය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.