Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දික්වැල්ලේ ඤාණවංස නා හිමි සමරා පින්කම්

දික්වැල්ල දීඝවාලුකාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ මාර / විද්‍යාතිලක මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි රාජකීය පණ්ඩිත දික්වැල්ලේ ඤාණවංස මහ නා හිමියන් අපවත් වී අප්‍රේල් මස 02 දාට ගුණ සමරුව යෙදේ.

ඒ නිමිත්තෙන් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථදායක සභාවේ සභාපති හිටපු කම්කරු හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය එච්.ආර්.පියසිරි මහතා ප්‍රධාන දායක සභාව විසින් මේ මස 29 වන පුන් පෝදින සිට අපේ‍්‍රල් 02 දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

21 දා සිට අටවිසි බුද්ධ පූජා හා ධර්ම දේශනා පිරිත් දේශනා සිදු කෙරෙන අතර අප්‍රේල් 02 වනදා රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත අත්තුඩාවේ රාහුල මහ නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවක් ද වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.