Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි රෝපණය හා ධර්ම ශාලාව විවෘත කිරීම

කුරුණෑගල උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේ දී අප්‍රේල් 3 වන දා විශේෂ පින්කම් මාලාවක් උදේ 08.00 සිට සවස 04.00 දක්වා පැවැත්වේ.

එදින උදේ වරුවේ ජය ශ්‍රී මහ බෝධි අංකුරයක් හා ආනන්ද බෝධි අංකුරයක් අසපු භූමියේ රෝපණය කිරීමත් සවස අභිනව ධර්ම ශාලාව විවෘත කිරීමත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

එහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනයක් ද පැවැත්වේ. (දවල් දානය හා ගිලන්පස පිරිනමනු ලැබේ)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.