Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලල්ලේ මෙත්තානන්ද නා හිමියන්ගේ 60 වන ජන්ම සමරුව ට පින්කම්

පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ සහ ගල්කිස්ස තපෝධනාරාමාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශෝභන කවිධජ සද්ධර්මකීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නාහිමියන්ගේ හැට වන ජන්ම සමරුව නිමිත්තෙන් මෙම 4 වන දා පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ දී මහ සඟරුවන 150 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.

තලල්ලේ මෙත්තානන්ද නාහිමියන්ට දිගාසිරි පතා පැවැත්වෙන පින්කමට සමගාමීව පින්වත්තේ සද්ධර්මාකර පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරීව වැඩ සිටි අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමියන් ඇතුළු සද්ධර්මාකාර විහාර ගණයේ වැඩ සිටි සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුස්මරණය කැරෙන වාර්ෂික පින්කම ද සද්ධර්මාකර පිරිවෙනේ දී සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.