Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහලකොටුවේ ශ්‍රී රතනසාර නාහිමි ගුණ සමරුව 3 දා

මාතලේ කොටුවේගෙදර සුධර්මෝදය පිරිවෙන් විහාරය සහ උකුවෙල , කඩුවෙල, වැලිකොටුවේ පුරාණ විහාරය යන විහාරද්වයාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මාතලේ මහදිසාවේ සංඝනායක රාජකීය පණ්ඩිත මහලකොටුවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම මෙම 3 වැනිදා මාතලේ කොටුවේගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. එදින සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනාහිමිපාණන් වහන්සේලා සහ අනුනාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය 170 නමක් උදෙසා සංඝගත දක්‍ෂිණාවක් පිරිනමනු ලැබේ.

මාර්තු 30 වැනිදා ධර්ම දේශනා මාලාව ආරම්භ වන අතර, අපේ‍්‍රල් 2 වැනිදා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින් සමන්විත මෙම ගුණානුස්මරණ පින්කම් මාලාවට සමගාමීව කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරවාසී උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් නිම කරන ලද සංඝාවාසයකින් සහ පුස්තකාලයකින් සමන්විත මහලකොටුවේ ශ්‍රී රතනසාර ගුණානුස්මරණ තෙමහල් මන්දිරය එදින පෙරවරුවේ සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්‍ෂිත විජිතසිරි නාහිමියන්ගේ සුරතින් විවෘත කැරේ. මෙම 30 දා පස්වරු 6 ට රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන්ගේ දහම් දෙසුමක්ද, 31 දා කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරවාසී උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමිපාණන්ගේ දහම් දෙසුමක්ද, අපේ‍්‍රල් 1 දා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනුකේවත්තේ ගුණරතන හිමියන්ගේ දම් දෙසුමක්ද, 2 දා රාත්‍රී 8 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 3 දා පෙරවරුවේ මහලකොටුවේ ශ්‍රී රතනසාර ගුණානුස්මරණ තෙමහල් මන්දිරය විවෘත කිරීම හා සංඝගත දක්‍ෂිණාවද පිරිනැමේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.