Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති කමිටු පිහිටුවයි

බෞද්ධ ජනතාව තුළ ආගමික හැඟීම් වර්ධනය කොට ප්‍රතිපත්ති ගරුක පිරිසක් බිහිකිරීම අරමුණු කර ගනිමින් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කමිටු පිහිටුවා ගැනීමට පියවර ගැනේ. ප්‍රදේශයේ සෑම විහාරස්ථානයක් සහ ආරණ්‍ය සේනාසනයක් ආවරණය වනසේ එම බෞද්ධ කමිටු පිහිටුවනු ලැබේ.

මෙම කමිටු පිහිටුවීම මාර්තු 30 දා අවසන් කැරෙන, බැවින් එදිනට පෙර කමිටු පිහිටුවා ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශයට දැනුම් දිය යුතු බව නෙළුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. කේ. විතානගේ මහතා දන්වා සිටියි.

මෙම කමිටු මගින් ගම්වාසීන් සඳහා බුද්ධ රූප හා වන්දනා ගාථා පොත් ලබා දීමටත් දහම් පාසල් සදහා පුස්තකාල පොත් ලබා දීමටත් විහාරස්ථානවල අඩු පාඩු සපුරාලීම සහ තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.