Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංකල්ප විහාරයේ රන් වැට පුජා කිරීම පෝ දා

පිළියන්දල මාකන්දන “ සංකල්පගම “ සංකල්ප විහාර ස්ථානයේ බෝ සමිඳු වටා ඉදි කරන ලද රන් වැට විවෘත කිරීම සහ නෙළුම් මල් ලක්‍ෂයක් පුජා කිරීමේ මහා පින්කම (මාර්තු 29 ) පුර පසළොස්වක පොහෝදා සවස 6 ට ආරම්භ වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම අවස්ථාවට ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, කැස්බෑව නගරාධිපති ලෙනාඩ් කරුණාරත්න මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් වෙල්ගම මහත්මිය ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි වේ. කොලොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන් එහිදී විශේෂ ආශීර්වාද පූජාවක් පවත්වති. කැස්බෑව ශාසනාරක්‍ෂක මණ්ඩල ලේඛකාධිකාරි ගොම්බද්දල දමිත හිමි සහ හල්විටිගල යසස්සි හිමියන්ද එම අවස්ථාවට සහභාගි වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.