UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ගුජරාටි ප්‍රාන්තයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු ගුජරාටයේ සවර්කාන්ත දිස්ත්‍රික්කයේ ක්‍රි.පූ. තුන්වන සියවසේ ධර්මාශෝක යුගයට අයත් දෙව් නි මෝරි (Dev – ni – mori) මහා ස්තූපයේ මෑතදී කැනීම් කොට ගොඩ ගන්නා ලද සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා මහා විහාරයක් හා ලෝකයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි උගතුන්ට නවීන විද්‍යාව හා බුදු දහම පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැති නරේන්ද්‍ර මෝදී මහතා පියවර ගෙන ඇත. ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ටිබෙටයේ ආගමික නායක දලයිලාමා තුමන්ගේ මූලිකත්වයෙන් බරෝඩි විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. විවිධ රටවල් බෞද්ධ විද්වතුන් ආගමික නායකයන් ඉන්දියාවේ ප්‍රකට ඉතිහාසය පුරාවිද්‍යා මහාචාර්යවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට ආරාධනා ලැබ පැමිණියහ. ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමි, බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධකුටි විහාරාධිපති හා ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහාලේකම් ආචාර්ය කහවත්තේ සිරිසුමේධ හිමි, ලංකා මහාබෝධි සමාගමේ සභාපති ශාස්ත්‍රපති බානගල උපතිස්ස නාහිමි, ජපානයේ ඉන්දු ජපන් සංස්කෘතික කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ඩී.එස්. උච්ඩා හිමි, තායිලන්තයේ ධර්මාචාර්ය මෙත්තානන්ද, සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය අලව්වේ ගුණරතන හිමි, කැනඩාවේ ලාබාලම මන්ත්‍රිනී ඉන්දීය ජාතික ඩල්ලා මැතිණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ මහාචාර්ය ගාමිණී කීරවැල්ල මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. ඉන්දියාවේ ගුජරාට් ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් උතුරු ගුජරාටයේ ස්වර්කාන්ත දිස්ත්‍රික්කයේ දෙව් නි මෝරි මහා ස්තූපයෙන් ගොඩගෙන දැනට බරාඩෝ විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධාන ශාලාවේ තැන්පත් කොට තිබෙන ක්‍රි.පූ. තුන්වන සියවසේ අශෝක යුගයට අයත් සර්වඥ ධාතු මංජුසාව ඉදිරිපිට ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහාලේකම් බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධකුටි විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරිසුමේධ හිමියන්, ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සුළු ජාතීන්ගේ කොමිසමේ සාමාජික ලාමා ලෝබ්සන් (Lama Lobzon) හා ජම්බු කාශ්මීරයේ ලඩක් මහාබෝධි ආයතනයේ සභාපති සංඝසේන හිමියන් සමඟ වන්දනා කරන අයුරු. මහා ස්ථූපයේ හරි මැද අඩි දහතුනක් යට තැන්පත් කොට තිබූ මෙම මංජුසාවේ බ්‍රාහ්මි අක්‍ෂරවලින් ‘දසබල සර්වඥධාතු’ ලෙස සඳහන් කර තිබේ.

මෙරට පැවැති ත්‍රස්තවාදි උවදුරින් රට නිදහස් කර ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් රටටත් ජනතාවටත් සෙත් පතා ආශිර්වාද කිරීමේ සහශ්‍ර පූජා මහා පුණ්‍යෙීත්සවය පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යය අබියසදී පැවැත්විණි. එය සිදු වුයේ කුරුණෑගල හිඳගොල්ල වයඹ සරණ පදනමේ සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල්, තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙනි. රුවන්වැලි සෑ මහා විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික මහෝපාධ්‍යාය අළුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් පඬුවස්නුවර රාජමහා විහාරාධිපති දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උහන්ගොඩ රතනසාරාභිධාන නාහිමියන් හා තිඹිරිවැවේ සෝභිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ. රුවන්වැලි මහා චෛත්‍යය වටා කප්රුක් ඇතිරීම සඳහා බැතිමත්හු කප්රුක් සිය දෝතින් කරමත තබාගෙන රැගෙන රුවන්වැලි සෑමළුව වෙත ගමන් ගත් අයුරු.

 


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]