UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරු විස්තර ඉල්ලයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ දී හා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවල දී කලක සිට කරුණු දැක්වීමේ ප්‍රතිඵල වශයෙන් බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන් රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට 2010 පෙබරවාරි 17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එම යෝජනාව ක්‍රියාත්මක කරන බවට 2010 මාර්තු මස 09 වන දින සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවේ දී අතිගරු ජනාධිපති තුමා සඳහන් කරන ලදී.

එහෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ගුරුවරුන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුභවතුන් තමන් පිළිබඳ විස්තර ද (නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, උපන් දිනය, විභාගය සමත් වර්ෂය, සේවය කරන දහම් පාසල හා සේවා කාලය ආදිය ඇතුළත්ව) උප්පැන්න සහතිකය, ධර්මාචාර්ය විභාග සහතිකය, උසස් පෙළ විභාග සහතිකය යන සහතිකවල පිටපත් ද සේවය කරන දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහතිකය හා දහම් පාසල අයත් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගේ නිර්දේශය සහිතව පහත සඳහන් ලිපිනයට 2010 මාර්තු මස 31 දිනට පෙර එවන මෙන් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය නිවේදනය කරයි.

තොරතුරු එවිය යුතු ලිපිනය
ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ,
සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය,
අංක 301, ටී,බී. ජයා මාවත,
කොළඹ.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]