Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 11 වන කොටස

පුෂ්ප වර්ගය

(44) කො ඉමං පඨවිං විජෙස්සනි යමලෝකඤච ඉමං සදෙවකං,
කො ධම්ම පදං සුදෙසිතං, කුසලො පුප්ඵමිව පචෙස්සති

උතුම් දෙවියන් සහිත, ලෝකයත් අපායත්, පරාජය නොලබාම, දිනා ගන්නේ කවුද? මනා කොට දෙසා ඇති මේ සියලු දහම් පද, අඩු නැතිව අවබෝධ, කරන්නේ කවුරුන් ද? (මෙම අදහස ඊළඟ ගාථාවට සම්බන්ධව පවතී.)

(45) සෙඛො පඨවිං විජෙස්සති යමලොකඤ්ච ඉමං සදෙවකං,
සෙඛො ධම්මපදං සුදෙසිතං කුසලො පුප්ඵ මිව පචෙස්සති

උතුම් දෙවියන් සහිත, ලෝකයත් අපායත්, දිනන්නේ නිවන් මඟ, ගමන් ගන්නා අයයි. නිවන් මග හෙළි කරන, මේ සියලු දහම් පද අවබෝධ කරන්නේත්, ඒ අයම වන්නේ.. ය.

හිතවතුනි, හොඳ මගක, හසුරුවන ජීවිතය, ගුණ දහම් අනුව තම, තුන්දොර ම හසුරුවයි. ඒ නිසා කිසි විටෙක, පරාජය හිමි නොවෙයි. හැම තැන ම හැමවිටක ජය ම හිමි වන්නේ... ය...

(46) ථෙණුපමං කායමි මං විදිත්වා මරීචිධම්මං අභිසම්බුධානො,
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකාන, අදස්සනං මච්චුරාජස්ස

ජීවිතය නිසරු වූ, පෙණ පිඩක් වැන්නේ ය. නැතිව ඇති සේ පෙනෙන, මිරිඟුවක් වැන්නේ ය. මේ කරුණ මනා සේ අවබෝධ කළ යුතු ය. මරුට නොපෙනෙන්නට නම්, නිවන වෙත යා යුතු ය.

හිතවතුනි, ජීවිතය, නිසරු වූ මිරිඟුවකි, එය නොදැන ජීවිතය ඵල දායක ලෙස ගත කළ හැකිනොවේ, ගුණ දහම් වැඩෙන්නට, සුසංවර විය යුතු ය. සුසංවර වූ සිතින් මරුට පිටු පෑ යුතු ය...

මතු සම්බන්ධයි,


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.