Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මීරිගම හල්පේ, නො. 41 හි පදිංචි වයි.පී. චන්දන මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ මහතා සුවපත් කිරීමට වකුගඩු සැත්කමක් කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් “ ඒ බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0779654393, 0771117239 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

 

 

 


ඒ.ආර්. අනුලාවතී මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 041 7910846 දුරකථන අංකයට හෝ එම්.එච්. පේමරත්න, වැලිකැටිය මලිදුව, අකුරැස්ස යන ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


කළුබෝවිල, විජයබා මාවත පදිංචි 40 වියැති එස්. නිලංක පෙරේරා නමැති රණවිරුවා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, “ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” යන ලේ වර්ග ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමනය වේ. ඒ මහතාගේ ජීවිතය සුවපත් කරගැනීම සඳහා ඉහත ලේ වර්ග ඇති අයකුගේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 0777 257488, 0772910946 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.